Divaina - ගුරුකන්ද විහාරයේ සීසීටීවී කැමරා මුලතිව් පොලිසියෙන් ගලවා ඉවත් කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 8මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්‍ෂාවට සවිකරන ලද සීසීටීවී කැමරා පද්ධතිය 15 දා මුලතිව් පොලිසියේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කොට තිබේ.

මේ විහාරස්ථානයේ අලූතින් විහාරාධිපති ධුරයට පත්වූ මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ නිතරම විහාරස්ථානයේ නොසිටින නිසා විහාරස්ථානයේ ආරක්‍ෂාවට මේ කැමරා පද්ධතිය සවි කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව සමාගමකට ඒ බව දන්වා සීසීටීවී කැමරා පද්ධතියක් විහාරස්ථානයේ සවිකරන මෙන් මුදල් ගෙවා විහාරස්ථානයේ භාරකරුට ඔවුන්ට සහාය වන මෙන් දැනුම්දී තිබේ.

එම අවස්ථාවේදී මුලතිව් පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බව පවසා කැමරා ගලවා දමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ භාරකරු කැලූම් බණ්ඩාර මහතා පැවසීය.

‘දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. පන්සලට නිතරම කරදර කරනවා. හාමුදුරුවෝ නිතරම පන්සලේ නැති නිසා ආරක්‍ෂාවට තමයි මේ කැමරා සවි කරන්න සූදානම් වුණේ. ඒකට පොලිසිය ඉඩ දුන්නේ නැහැ. කැමරා ගලවලා අයින් කළා’ යැයිද ඒ මහතා පැවසීය.

මුලතිව් පොලිසියෙන් මේ පිළිබඳව විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ අධිකරණයේ නියෝගවලට අනුව මේ ස්ථාන දෙකෙහිම ආගමික කටයුතු හැර වෙනත් කිසිම ඉදිකිරීමේ කටයුත්තක් හෝ සවි කිරීමක් සඳහා අවසර ලබාදිය නොහැකි නිසා එම කැමරා පද්ධතිය ඉවත් කිරීමට සිදුවූ බවයි.

දිනසේන රතුගමගේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles