Divaina - ජනපතිවරණයේදී ඡන්දය දෙන ප‍්‍රමාණය සියයට 85 පනී - මැකෝ කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

P1 5මෙවර ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කරන ප‍්‍රමාණය සියයට 85 ඉක්ම වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ඇතැම් ඡුන්ද කොට්ඨාසවල ඡුන්ද ප‍්‍රකාශ කිරීම සියයට 85 ඉක්මවා තිබූ බව ද ජනාධිපතිවරණයේදී මෙවැනිම තත්ත්වයක් ඇති විය හැකි අතර ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙන බව ද ඊයේ (16 දා) මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

නිවෙස්වල ඇවිදීමට නොහැකිව සිටින පිරිස් රෝහල්ගතව සිටින අය හා බන්ධනාගාරගත පිරිස් හැර සෙසු සියලූම දෙනා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණෙතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරණයට ඡුන්ද ප‍්‍රකාශ කිරීමට විදේශගත ශී‍්‍ර ලාංකිකයන් ද මෙරටට පැමිණීමට ගුවන් ගමන් ප‍්‍රවේශපත‍්‍ර ගැනීමට සූදානම් වන බවට වාර්තා වී ඇති බව ද මේ නිසා විශාල ලෙස ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය ඉහළ යනු ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

රනිල් ධර්මසේන

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles