Divaina - දොස්තර වෙස්ගත් විශ‍්‍රාමික සුළු සේවකයා පොලිසියට කොටු - වෛද්‍ය සහතික නිකුත් කර දහස් ගණන් ගරලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ වෛද්‍ය සහතිකපත් නිකුත් කරන අයෙක් කූට ලේඛණ සහ නිල මුද්‍රා සමගින් පෙරේදා (16 දා* අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්විය.

මෙසේ අත්අඩංගුවට පත්වුයේ කළුතර නාගොඩ ප‍්‍රගති මාවතේ පදිංචි 64 හැවිරිදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කර විශ‍්‍රාම ගොස් ඇති අයෙකි.

සැකකරු දිර්ඝ කාලයක් නාගොඩ රෝහලේ සුළු සේවකයෙක් ලෙස සේවය කර ඇති අයෙක් බවටද අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

බුද්ධි නිලධාරින් විසින් ලබාදෙන ලද තොරතුරක් මත වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා මුවාවෙන් උපාය ¥තයෙක් යවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කර තිබු විවිධ වෛද්‍ය අංශවලට අදාල නිලමුද්‍රා 08 ක් මුද්‍රිත වෛද්‍ය වාර්තා සහ ලිපිකවර ඇතුළු ලියකියවිලි පොලිස් භාරයට ගෙන තිබේ. වෛද්‍ය වාර්තා ලබාගැනීමට නොහැකිව අපහසුතාවට පත්වන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට රුපියල් 3000 ත් 4000 ත් අතර අධික මුදලකට වෛද්‍ය වාර්තා ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

සැකකරු තම නිවසේ කාමරයක කාර්යාලය පවත්වාගෙන යමින් දිර්ඝ කාලයක් කටයුතු කර ඇති බවත් දින ගණන් අනුව ඔහුගේ ගාස්තු අයකිරිම් සිදුකර ඇති බවත් පැවසේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිනි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ

උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් වරුන්වන (17668* ජයන්ත, (29027* මහින්ද කොස්තාපල් වරුන්වන (41055* ජගත්, (76034* ගයාන්, (968* මලින්ද සහ (80629* තිලකරත්න යන නිලධාරීහු වැටලීමට එක්වුහ.

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, කළුතර- විජයසිරි විiාසේකර
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles