මිහිර විජේසේකර- මාරවිල සමූහ
ආණමඩුවව පොලිස් වසමේ ආඬිගම නගරයේදී ඉකුත් 7 වෙනි දින දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදී බරපතල තුවාල ලබා සිටි අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ’
පන්නල, ගුරුගල්පිටිය ප්රදේශයේ පදිංචි පුංචි හේවගේ සුරංග සුනෙත් පුංචිහේවා නැමති 38 හැවිරිදි එක්දරු පියෙක් මෙසේ මියගොස් ඇත.
ඉකුත් 7 වැනි දින රාත්රි 10.00 ට පමණ ආඬිගම නගරයේ කිසියම් සිද්ධියක් සම්බන්ධව දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. ඉන් අනතුරුව එක් පිරිසක් මියගිය අයට පොලූ මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් පහරකෑම කෑමට ලක් වූ පුද්ගලයා ආණමඩුව ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඉන් අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 8 වැනි දින රාත්රියේ මියගොස් තිබේ. මීට මාසයකට පමණ පෙර ආඬිගම නගරයේ දී පාසල් සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන පුද්ගලයා ද මේ අතර වන බව පොලිසිය සඳහන් කරයි.
පහර කෑමට ලක්වී රෝහල් ගතවී සිටින සුපුන් හේමන්ත මහතා :
අපි කට්ටිය ආඬිගම නගරයේදී ඉද්දී එකපාරම මේ කට්ටිය ඇවිත් අපිත් එක්ක වචන හුවමාරුවක් වුණා. දෙපැත්තම බැණ ගත්තා. පස්සේ පොලූ අරන් ඇවිත් තිරිසන් විදිහට අපිට ගැහුවා. සුනෙත් අයියා බිම වැටිලා කැගහද්දීත් එයාට පොලූවලින් තිරිසන් විදිහට ගැහුවා’යැයි ඔහු පැවසීය. මේ වන විට සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙක් කටුනායක ප්රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කොට ඇති බව ආණමඩුව පොලිසියේ ස්ථානාධිපති වරයා පවසයි.
- Hits: 643