Divaina - දික්වැල්ල ගොඩඋඩ විද්‍යාලයට ආදි සිසුවියකගෙන් ලක්‍ෂ 19 ක් වටිනා ක‍්‍රීඩා මණ්ඩපයක්
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 නිමල් හේමසිරි - රදම්පල

sanath555 
 දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ගොඩඋඩ මහා විද්‍යාලයට ක‍්‍රීඩා මණ්ඩපයක් තනවා පරිත්‍යාග කිරීමට කැනඩාවේ පදිංචි විද්‍යාලයීය ආදි සිසුවියක් වූ ප‍්‍රියානි සුව`දරත්න මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා විසින් කටයුතු කළේය. එය සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට ප‍්‍රධාන අමුත්තන් වශයෙන් සුව`දරත්න යුවළ හා ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාද එක්වූහ.
 
 තමා සිප්සතර දැන උගත් පාසල වෙනුවෙන් මෙතෙක් පැවති විශාල අඩුවක් සපුරමින් රුපියල් ලක්ෂ 19 ක් පමණ මුදලක් වැය කරමින් තම යුතුකම ඉටුකළ මෙම ආදි ශිෂ්‍යාව, විදුහල්පති නෙල්සන් චන්ද්‍රසිරි මහතා ඇතු`ඵ ආචාර්ය මණ්ඩලයේත්, සිසු සිසුවියන්, ආදි සිසුන්, දෙමව්පියන්, ගම්වාසීන් ආදී සියලූ දෙනාගේත් නොමඳ ප‍්‍රශංසාවට හා ගෞරවයට පාත‍්‍ර වූ ආකාරය දැකගත හැකිවිය. ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි මහතා මෙය සම්බන්ධීකරණය කළ අතර ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් කටයුතු සිදු කළේය.
 
 මෙම අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පතිනි පුෂ්පා ලොකු ලියද්දෙහිගේ, ක‍්‍රිකට් සම්මේලනයේ මාතර දිස්ත‍්‍රික් සභාපති ප‍්‍රසන්න ගලප්පත්ති, දික්වැල්ල ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (17464* එච්. ඞී. ඞී. රවීන්ද්‍ර, ආදි ශිිෂ්‍ය සංගමයේ උප සභාපති පී. එච්. ජගත් ඩිලන්ත, භාණ්ඩාගාරික එම්. එම්. සමින්ද, ලේකම් එස්. එච්. එස්. ප‍්‍රියලාල් යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.
 
 සුව`දරත්න මහත්මිය හා සනත් ජයසූරිය මහතා සිහිවටන ඵලකය නිරාවරණය කිරීමට පෙර ආගමික වතාවත්වල නිරත වූ අයුරු සහ සිසු අයිතියට පැවරූ ක‍්‍රීඩා මණ්ඩපය ඡුායාරූපවල දැක්වේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles