Divaina - ගෝඨාට ශ‍්‍රීලනිප සහාය දීමට ගිවිසුම් දෙකකට අත්සන් තැබීම ඇල්පිටිය ඡන්දයෙන් පසු
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  අරුණ බෝගහවත්ත
 
 athaඉදිරි ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබා දීම සඳහා ගිවිසුම් දෙකකට අත්සන් කිරීම ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදුවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

  ඉන් එක් ගිවිසුමක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ද අනෙක් ගිවිසුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ද අත්සන් කිරීමට නියමිත බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට සිය කැමැත්ත ලබාදී ඇති අතර එහි අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට භාරදී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
 ජනාධිපතිවරයාගේ තීන්දුව මත ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව හෝ ඊට පෙර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අනුරාධපුරයේ පවත්වනු ලබන මංගල රැුලියේදී අත්සන් කිරීමට බොහොදුරට ඉඩ ඇති බවයි.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගොඩන`ගන සන්ධානය පිළිබඳව පොදුජන පෙරමුණට ඉදිරිපත් කරන ලද යෝජනා විස්සකට එක`ගතාව පළ කර ඇති අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද ඉදිරිපත් කරන ලද යෝජනා දාහතකට ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක`ගතාව පළ කර ඇති බවත් ගොඩන`ගන සන්ධානයේ ව්‍යවස්ථාවටද පොදුජන පෙරමුණේ එක`ගතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles