Divaina - මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය විහාර භූමියේ ආදාහනය කිරීම උසාවියෙන් තහනම් කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2අපවත්වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන්ගේ දේහය එම විහාර පරිශ‍්‍රය තුළ ආදාහනය තහනම් කරමින් මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී ඇත.

මේධාලංකාර හිමියන්ගේ ආදාහනය සිදු කිරීම පිළිබඳව තීන්දුව ලබාදීම අද (23 දා* මුලතිව් මහෙස්ත‍්‍රාත්වරයා විසින් නිකුත් කරනු ඇත.

අද පෙ. ව. 9 ට විහාරවාසී හිමියන්ට හා සෙසු පාර්ශ්ව කරුවන්ට මුලතිව් අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

විහාර පරිශ‍්‍රය තුළ සාමය කඩවන ආකාරයේ සිදුවීම් වැළැක්වීම සඳහා පොලිසිය උපරිම ලෙස ක‍්‍රියා කළ යුතු බව අධිකරණය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

මේ අතර මේධාලංකාර නාහිමියන්ගේ දේහය විහාරයට රැුගෙන ඒමට විරෝධය පළ කරමින් දෙමළ වැසියෝ සියයක් පමණ අසල පිහිටි කෝවිල් පරිශ‍්‍රයේ රැුඳී සිටියහ.

විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැුගෙන පැමිණියහොත් කෝවිල් කටයුතු වලට බාධා ඇතිවන බව පවසමින් මුලතිව් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.

විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු අද සවස 2 ට රජමහා විහාරස්ථාන භූමියේදී සිදු කිරීමට තීරණය කර තිබිණි. ආදාහනය සිදු කිරීම ගැන අවසාන තීරණය අධිකරණ නියෝගයක් අනුව සිදු කෙරෙනු ඇත.

විහාරාධිපති හිමියෝ ඉකුත් දා මහරගම අපේක්‍ෂා රෝහලේදී අපවත් වූහ.

චතුර පමුණුව
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles