Divaina - පන්තියේ දක්‍ෂම සිසුවිය පැහැරගෙන කප්පම් ගැනීමේ තැත වරදී

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- පොලිස් නිල ඇඳුමක් හා තුවක්කුවක් සමග 2ක් දැලේ

සිය දරුවා අභිබවා යමින් පාසල් ඉගෙනීම් කටයුතු වලදී හා බාහිර ක‍්‍රියාකාරකම්වලින් ඉදිරියෙන් සිටින කළුතර ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි ශිෂ්‍යාවක පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට සැලසුම් කිරීමේ සිද්ධියක් දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් හෙළි වී තිබේ.

කළුතර ප‍්‍රදේශයේ ප‍්‍රධන රෝහලක සේවය කරන වෛiවරයකුගේ දියණියක මෙසේ පැහැර ගැනීමට සැලසුම් කර ඇත. මෙම වෛiවරයා දැනට විදේශ සංචාරයක නිරතව සිටින බව පොලිසිය පවසයි.

මෙම දැරිය පැහැරගෙන යෑමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු දොඩන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරු මත පෙරේදා (21 දා* රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ඉල්ලා ඊයේ (22 දා* කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව දොඩන්ගොඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරයෙක් පැවැසීය.

මෙම සැකකරුවන් ළඟ තිබී පොලිස් නිල ඇඳුම් කට්ටලයක් ද වායු රයිෆලයක් ද වෙඩි බෙහෙත් ද්‍රව්‍යද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෛiවරයාගේ දරුවා පන්තියේ අනෙක් දරුවන් අතර ඉතා දක්‍ෂයකු වෙමින් විභාග හා තරගවලින් ජයග‍්‍රහණ ලබා ගැනීම නිසා පන්තියේ ඇතැම් දරුවන්ගේ දෙමාපියන් දරුවාගෙන් පළි ගැනීමට මෙම කොන්ත‍්‍රාත්තුව ලබා දී ඇතැයි හෙළිව ඇත.

දොඩන්ගොඩ, බෝම්බුවල ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනා සමග වායු රයිෆලයක්, පොලිස් නිල ඇඳුම් සහ වෙඩි බෙහෙත් පාර්සලයක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. කළුතර කටුකුරුන්ද ප‍්‍රදේශයේ පදිංචි කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන වෛiවරයා දැනට විදේශ සංචාරයක නිරතව ඇති අතර, ඒ අතරතුර දරුවා පැහැරගෙන කෝටි 10 ක කප්පම් ලබා ගැනීම සැලසුම් කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

දොඩන්ගොඩ ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අඹු සැමි යුවළක් මෙම කොන්ත‍්‍රාත්තුව භාර දී ඇති බව කප්පම්කරුවන් හෙළිකර ඇත.

මෙම ළමයා පන්තියේ අනෙක් දරුවන් අභිබවා ඉගෙනුම ලබන නිසා එය නතර කිරීමට පැහැරගෙන හිරිහැර, තාඩන, පීඩන කර පියාගෙන් කප්පම් ලබා ගැනීමට කොන්ත‍්‍රාත්තුව භාරදුන් බව ද හෙළිව ඇත.

කළුත දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ,  බණ්ඩාරගම ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles