Divaina - කොටින්ගේ යුද උපකරණ සොයා ආරම්භ කළ කැණීම් නතර වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

P1741එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් වළ දමන ලද යුද උපකරණ රත්තරන් හා රහස්‍ය ලේඛන සෙවීම සදහා කිළිනොච්චියේ ශිවපුරම් කෝවිල අසල ඉඩමක ආරම්භ කළ කැණීම් 21 දා නතර කොට තිබේ.

මේ ස්ථානයේ එම ද්‍රව්‍ය වළලා ඇති බවට නාවික හමුදාවට ලැබුණු තේාරතුරක් මත එම  ප‍්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.

නමුත් අදාල ස්ථානයේ සැකකටයුතු කිසිවක් නොතිබූ නිසා කැණීම් කටයුතු නතර කළ බව කිළිනොච්චියේ ආරක්ෂක අංශ කියා සිටියා.

නාවික හමුදාවට මෙම තොරතුර ලැබීමෙන් පසුව කිළිනොච්චිය පොලීසිය දැණුවත් කොට ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයකට අනුව කිළිනොච්චිය මහේස්ත‍්‍රාත් ටී.ස්වර්ණරාජ් මහතා ඉදිරියේදී මෙම කැණීම් කටයුතු ආරම්භ කරණ ලදී.

මෙම කැණීම් සිදුකරණ ස්ථානයේ ආරක්ෂාව පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව විසින් දැඩි කොට තිබූ අතර එම ස්ථානයට වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීමද තහනම් කොට තිබුණි.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles