Divaina - ‘‘මස්සිනා මේසෙ උඩ පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා වාගේ දැක්කා ළඟට ගිහින් බලනකොට ඔහු යටලීයේ එල්ලී සිටියා’’ - රන්කොත්ගේ හේමන්ත පුෂ්පකුමාර

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gella1- ගෙළ වැළලාගෙන  මියගිය තිදරු පියාගේ හදිසි මරණ පරීක්‍ෂණය

- ‘‘මේ සිද්ධිය වුණ දවසේ උදේ මම යනවිට ඉස්සරහ දොරත් ඇරලා තිබුණා. ලයිටුත් දාල තිබුණා. මම ගෙට ඇතුළු වෙලා කෑම කාමරය පැත්තට යනකොට මස්සිනා කෑම කාමරයේ මේසේ උඩ පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා වාගේ දැක්කා. මම ළඟට ගිහින් බලනකොට ඔහු වයර් පට දෙකකින් යටලීයේ එල්ලී සිටියා. මම ඉක්මණින් එළියට ඇවිල්ලා අහළ පහළ අයට කතා කළා. අපි ළඟට ගිහින් බලනකොට ඔහු මියගොස් සිටියා.’’

ගෙළ වැළලාගෙන මියගිය මාවනැල්ල දාස්වත්තේ පදිංචිව සිටි කේ. ලක්‍ෂ්මන් ජයකොඩි (49* නමැති තිදරු පියාගේ මරණය සම්බන්ධයෙන් මාවනැල්ල මූලික රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් රන්කොත්ගේ හේමන්ත පුෂ්පකුමාර යන අය එසේ පැවසීය.

එගොඩපත තනිපේරුවපත්තුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එම්. ඒ. හේරත් බණ්ඩාර මහතා විසින් පසුගියදා මේ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය පවත්වන ලදී.

මෙහිදී තවදුරටත් සාක්ෂි දුන් පුෂ්පකුමාර යන අය පැවසුවේ, ‘‘මියගිය අය මගේ ඥාතියකු වෙනවා. අපේ නිවස ආසන්නයේ තමයි ඔහු පදිංචිව සිටියේ. ඔහුගේ බිරිඳ රට රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා මීට මාස 4 කට පමණ පෙර නැවත වතාවක් රට රස්සාවට ගියා. ඔහුගේ දරුවන් තුන්දෙනා මහගෙදර නවත්තා ගොස් සිටි නිසා ඔහු පමණක් තනිවම මේ ගෙදර පදිංචිවෙලයි හිටියේ. ඔහුගේ රස්සාව වෑල්ඩින් වැඩ කිරීමයි. බිරිඳ රට යෑම නිසාත්, දරුවෝ තුන්දෙනා වෙනත් නිවසක පදිංචි වී සිටි නිසාත් මස්සිනා සාංකාවෙන් වාගේ තමයි කාලේ ගතකළේ. මේ නිසාද මං දන්නෑ ඔහු මත් පැන් බීමට ඇබ්බැහි වී සිටියා.

සිද්ධිය වුණ දවසේ උදේ මම බවුත් එකක් ඉල්ලා ගන්න මස්සිනාලාගේ ගෙදර ගියා. ඒ යනවිට ඉස්සරහ දොර ඇරලා තිබුණා. ලයිටුත් දාල තිබුණා. මම ගෙට ඇතුලූ වෙලා කෑම කාමරය පැත්තට යනකොට මස්සිනා කෑම කාමරයේ මේසෙ උඩ පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා වාගේ දැක්කා. මම ළඟට ගිහින් බලනකොට ඔහු වයර් පට දෙකකින් යටලීයේ එල්ලී සිටියා. මම විජහට එළියට ඇවිල්ලා අහළ පහළ අයට කතා කළා. අපි ළඟට ගිහින් බලනකොට ඔහු මියගොස් සිටියා.

මියගිය අයගේ පුතා වන ප‍්‍රියමන්ත ජයකොඩි (20)

‘‘මියගොස් සිටින්නේ මගේ තාත්තා. මට නිවුන් සොහොයුරින් දෙදෙනකු සිටිනවා. අම්මා රට යනකොට අපි දෙන්නා මහගෙදර නවත්තලයි ගියේ. ඉඳලා හිටලා අපි තාත්තව බලන්න එනවා. තාත්තා කෑම කෑවේ ගේ ළඟ මාමලාගේ ගෙදරින්. තාත්තා බීමට ඇබ්බැහි වී සිටියා. මොන හේතුවකට මේ දේ කරගත්තද කියන්න මට නම් හිතාගන්න බෑ. තාත්තාගේ මරණය ගැන අපට සැකයක් නෑ.’’

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික‍්‍රමරත්ත මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් (7043* නිශ්ශංක මහතා විසින් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කටයුතු සිදුකළ අතර මාවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එම්. ආර්. බී. ගුණවර්ධන මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය සිත් තැවුලක් නිසා ගෙළ වැළලා ගැනීමෙන් සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බව හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.

අරණායක - ගරුමුණි තිලකරත්න
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles