Divaina - ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් හානිවන කිසිම තීරණයක්‌ ශ්‍රීලනිපය ගන්නේ නෑ..... තිලංග සුමතිපාල
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අරුණ බෝගහවත්ත
 
tila135 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට බාධා වන ආකාරයට කිසිදු තීන්දු තීරණයක්‌ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු නොකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
 මේ වනවිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර තිබෙන දේශපාලන දැනුම තවදුරටත් පුළුල් වී ඇති බවත් ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා පරාජය කිරීම සඳහා දිය හැකි සෑම සහයෝගයක්‌ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදෙන බවත් සුමතිපාල මහතා ඊයේ (20 දා) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
 
 පක්‍ෂ දෙකේ පහළ මට්‌ටමේ පිරිස්‌ විවිධ අදහස්‌ ප්‍රකාශ කළ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳ දේශපාලන ගමනක යෙදී සිටින බව කී සුමතිපාල මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට වාසිවන ආකාරයේ කිසිදු කටයුත්තක්‌ සිදු නොකරන බව ද කීවේය.
 
 නායකයන් දෙදෙනාගේ දේශපාලන ගමන වෙනුවෙන් නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීන්දුවක්‌ ගන්නා බව ද සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles