Divaina - එන්.වී.කිව්. පාඨමාලාවක්‌ මගින් රූපලාවන්‍ය සහතිකයක්‌ ලබාදෙන බව පවසා කාන්තාවගේ මුදල්වලට විද්ද කිසිදු සුදුසුකමක්‌ නොමැති රූපලාවන්‍ය ශිල්පිනියට වැඩ වරදී
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
 lipsitk135එන්. වී. කිව්. පාඨමාලාවක්‌ මගින් රූපලාවන්‍ය සහතිකයක්‌ ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 33,000 ක්‌ ලබාගෙන එම මුදල් ආපසු ලබා නොදී වංචා කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකාරිය වූ රූපලාවන්‍ය ශිල්පිනියකට රුපියල් 1500 බැගින් චෝදනා දෙකට රුපියල් 3000 ක දඩයක්‌ ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා පසුගියදා 19 වැනිදා නියම කළේය.
 
 එම දඩ මුදලට අමතරව එක්‌ වසරක සිරදඬුවමක්‌ නියම කළ අතර එම සිරදඬුවම වසර 05 කට අත්හිටුවන ලෙසට නියම කළේය.
 
 අගතියට පත් පාර්ශ්වයට රුපියල් 50000 ක වන්දි මුදලක්‌ ගෙවන ලෙසට ද නියම කෙරිණි. දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 09 ක සිරදඬුවම් නියම විය. මහනුවර, තැන්නපිටියවත්තේ පදිංචි දීපානි ප්‍රියංකා ඇත්තිලිගොඩ නමැති රූපලාවන්‍ය ශිල්පිනියට මෙසේ අත්හිටුවූ සිරදඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම කෙරුණි. 2014 වර්ෂයේ අප්‍රේල් මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පිටකෝට්‌ටේ එපිටමුල්ල පාරේ පදිංචිකාරියක්‌ පුවත්පත් දැන්වීමක්‌ මගින් ගම්පහට පැමිණ ගම්පහදී විත්තිකාරියට අවස්‌ථා දෙකකදී රුපියල් 33,000 ක මුදලක්‌ ලබාදී තිබේ. විත්තිකාරිය ගම්පහ ස්‌ථානයකදී පාඨමාලාව පවත්වමින් යන අතරතුරදී විත්තිකාරියට එම පාඨමාලාව පැවැත්වීමට කිසිදු සුදුසුකමක්‌ නොමැති බවත් එම පාඨමාලාව ඉගැන්වීම සඳහා විත්තිකාරිය රජයේ ලියාපදිංචි වී නොමැති බවත් අනාවරණය වීමෙන් අනතුරුව ගම්පහ පොලිසියට ලද පැමිණිල්ල මත සිදුකළ පරීක්‍ෂණයේදී එය සනාථ වී ඇති බව නඩුව විභාගයේදී සඳහන් විය.
 
 ගම්පහ පොලිසියේ (උ. පො. ප.) එම්. සේනාරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles