Divaina - රෝහල්ගත කරන මුවාවෙන් බරපතළ තුවාල ලැබූ අය අතරමග දමා රියෑදුරු පලා ගිහින්....
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 ගම්පොල - සුරංග දිල්හාන්
 
 ගම්පොල මහර ප්‍රදේශයේදී අනතුරට ලක්‌ව බරපතළ තුවාල ලැබූ අයකු අනතුර සිදු කළ අය විසින් ගම්පොල රෝහලට ඇතුළත් කරන මුවාවෙන් රැගෙන ගොස්‌ නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේ පාළු ස්‌ථානයක අතහැර ගොස්‌ සිටියදී නුවරඑළිය පොලිසිය මගින් එම පුද්ගලයා රෝහලට ඇතුළත් කොට තිබේ.
 
 මෙසේ බරපතළ තුවාල ලබා සිහිසුන් තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇත්තේ හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි එස්‌. කරුපයියා නමැති 74 හැවිරිදි තිදරු පියෙකි.
 
 මොහු වසර 12 ක්‌ පුරා ගම්පොළ මහර ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
 
 මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටෙන අයුරු ඒ අසල ආපන ශාලාවක කැමරාවල සටහන්ව ඇති අතර එම ලොරි රථයේ අංකය වූ Cඡඡඋ 3793 අසල සිටි පිරිස්‌ විසින් සටහන් කරගෙන තිබේ.
 
 ලොරි රථයේ පැමිණි අය තුවාල ලැබූ පුද්ගලයා ලොරි රථයට දමාගෙන ගම්පොල රෝහලට රැගෙන යන බව පවසා ඔහු එම රෝහලට ඇතුළත් නොකොට මෙසේ මහ ම`ග දමා පැන ගොස්‌ තිබේ. ගම්පොල පොලිස්‌ රථවාහන අංශය මගින් මෙම ලොරි රථය සොයා පරීක්‍ෂණ අරඹා ඇති අතර තොරතුරක්‌ දන්නේ නම් ළ`ගම ඇති පොලිසිය වෙන දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles