Divaina - අධික වර්ෂාවෙන් ගාල්ලේ පාරවල් රැසක් යටවෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p17 1ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉමදුව දෙල්ලව සහ හියාරේ ප‍්‍රදේශයන්ට ඇදැහැලූ‍න අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයන්හි ගමනාගමනය ඇණහිට තිබුණි.

ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ අංශ ප‍්‍රධානී මේජර් ඉන්දික වික‍්‍රමසිංහ මහතා පවසන්නේ ගාල්ල ඉමදුව හියාරේ සහ දෙල්ලව යන ප‍්‍රදේශයන්ට මිලිමීටර් සියය ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

මෙම වර්ෂා තත්වයත් සමග ඉමදුව යක්කලමුල්ල මාර්ගය පොල්පගොඩ ප‍්‍රදේශයෙන් ජලායෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනය මුලූ‍මනින්ම ඇණහිට තිබුණිි.

එසේම බෝගහගොඩ හියාරේ මාර්ගය ඳඬුව ප‍්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේද රථවාහන ගමනාගමනය මුලූ‍මනින්ම ඇණහිට තිබෙනු දැකිය හැති විනි.

කෙසේ වෙතත් මේ වන විට ගිං ගෙඟ් ජල මට්ටම ඉහල ගොස් ඇති අතර ඊයේ පෙරවරුව වන විටත් ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ නොතිබූ බැව්ද ආපදා කළමණාකරණ අංශ සඳහන් කරයි.

ඊයේ දිනයේ වැඩිම වර්ෂපතනය ඉමදුව ප‍්‍රදේශයට ලැබී ඇති අතර එය අගය මිළමීටර් 167 ක් බවද අක්මීමන හියාරේ ප‍්‍රදේශයට ලැබුන වර්ෂාපතනය මිලිමීටර් 102.5 ක් ලෙසද දෙල්ලව මිලිමීටර් 104 ක් ලෙසද සඳහන්ව ඇතැයි ආපදා කලමණාකරණ අංශ සඳහන් කරයි.

ඇතිවන ඕනෑම ආපදා තතවයකට මුහුණ දීමට අදාල අංශ මේ වන විට සූදානම් කරනු ලැබ ඇති බවද ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කළඹණාකරණ අංශ ප‍්‍රධානී මේජර් ඉන්දුක වික‍්‍රමසිංහ මහතා වැඩදුරටත් සඳහන් කළේය.

ගාල්ල එස්. කේ. කළුආරච්චි ලලිත් චාමින්ද අහංගම සුගතපාල  දීයගහගේ ,වංචාවල අතිරේක ගැමුණු චන්ද්‍රලාල්

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles