Divaina - ගෙම්බර් දාන නිසා ගෙම්බෝ වෙනවලු.... භවය උද්ධ කරපු නිසා 'බුද්ධ' වෙනවලු.... ත්‍රිපිටකයට විපරීත අර්ථකථන දෙමින් ඇතැම් භික්‍ෂූන් බණ කියනවා....
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ශ්‍යාම් නුවන් ගනේවත්ත


tripitakaත්‍රිපිටකයත්, පාලි භාෂාවත්, ත්‍රිපිටකයේ ධර්මයේ අර්ථය සහ ඉතිහාසය පිළිබඳවත් ඉතාමත්ම විපරීත අර්ථකථන දෙමින්, තියෙන සම්ප්‍රදාය විවේචනය කරලා වෙනමම මතවාදමය වෙනත් සංස්‌ථාවක්‌ බිහි කිරීම සඳහා යම් වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක වීගෙන එන බව සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ හිමිකම් පිළිබඳ හිමිකම් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්‌වාමින් වහන්සේ පැවසූහ.

මෙම සාක්‌ෂි විභාගය පසුගියදා සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මලලසේකර බෞද්ධ අධ්‍යාපන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ පැවැත්විණි. සාක්‌ෂ්‍ය විමසීම කොමිසමේ කොමසාරිස්‌වරුන් වන නීතිඥ පාලිත ප්‍රනාන්දු (සභාපති), ශාන්ති කුමාර හෙට්‌ටිආරච්චි, හිටපු මිණුම්පති මයිකල් ද සිල්වා, මහාචාර්ය මාලනී ඇඳගම සහ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සාක්‌ෂි විභාග කෙරිණි.

ත්‍රිපිටකය ආරක්‌ෂා කර ගැනීම සම්බන්ධයෙන් අදාළ පනත පිළිබඳව යමක්‌ කතා කරන්න කළින් ඒ අවශ්‍යතාව පැන නඟින්නේ කොහොමද කියලා කරුණු කීපයක්‌ කතා කරන්න ඕන. දැන් මං හිතන්නේ අවුරුදු දහයක්‌ විතර කාලයක්‌ ගත්තොත් වැඩි ප්‍රවණතාවයක්‌ තියෙනවා, ත්‍රිපිටකයත්, පාලි භාෂාවත්, ත්‍රිපිටකයේ ධර්මය අර්ථය සහ ඉතිහාසය පිළිබඳවත් ඉතාමත්ම විපරීත අර්ථකතන දෙමින්, තියෙන සම්ප්‍රදාය විවේචනය කරලා වෙනමම මතවාදමය වෙනත් සංස්‌ථාවක්‌ බිහි කිරීම සඳහා යම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වීගෙන එනවා.

අපවත් වී වදාළ වහරක අභයරතනාලංකාර දේශනා ක්‍රමයක්‌ අරගෙන ගියා ත්‍රිපිටක පාලියට විරුද්ධව හැබැයි නියම බුදු බණ යෑයි ප්‍රකාශ කරමින්. උන්වහන්සේගේ ක්‍රමය තමයි උන්වහන්සේට හිතෙන විදියට පාලි පදවලට අර්ථකථන දෙන එක. භාෂාවක්‌ වුණහම භාෂා සම්ප්‍රදායයක්‌ තියෙනවා. නීතිරීති තියෙනවා. පරිවර්තන ක්‍රමවේදයක්‌ තියෙනවා. මේ එකම ක්‍රමවේදයකටවත් අනුගත වෙන්නේ නැතිව උන්වහන්සේට හිතුනොත් අසුවල් පාලි පදයට මෙහෙම අර්ථයක්‌ දෙන්න පුළුවන් කියලා එහෙම අර්ථයක්‌ දෙනවා. ඒක ඇත්තටම පාලිවලට විතරක්‌ නෙමෙයි උන්වහන්සේ සිංහලවලටත් කරනවා. සිංහලවලට විතරක්‌ නෙමෙයි වෙනත් භාෂාවන්වලට පවා එබඳු හිතුවක්‌කාර අර්ථකථනයන් දෙනවා. උදාහරණයක්‌ විදියට ගත්තොත් මම එකක්‌ දෙකක්‌ කෙටියෙන් මතක්‌ කරන්නම්.

ගෙම්බො වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ගෙම්බර් දාන නිසා ගෙම්බෝ වෙනවා. ඒක තමයි උන්වහන්සේගේ නිරුක්‌තිය. හැකරැල්ලෝ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් එයා කියන්නේ රණ්‌ඩු වෙන තැන්වලදි හැක හැක ගාලා රැල්ලට යන අය හැකරැල්ලෝ වෙලා උපදිනවා කියලා. ඒක තමයි නිරුක්‌තිය. ඔය විදියට සාලයා, හාල්මැස්‌සා, හුරුල්ලා ඔය විදියට මුහුදෙ ඉන්න මාළුන්ට පවා ගොඩබිම ඉන්න සත්තුන්ට පවා ඔය විදියට, සමහර ඒවා ඉතාමත් අශ්ලීල අර්ථකථන පවා දෙන අවස්‌ථාවල් තියෙනවා. ඒවා මේ වගේ සභාවකදී කියන්න පුළුවන් කමක්‌ නැහැ. කොහොම නමුත් මෙන්න මේ විදියට එක පැත්තකින් සිංහල පදවලට වැරදි දේ ප්‍රකාශ කරනවා වගේම පාලිවලටත් ඔයදේම කරනවා.

ඔය ක්‍රමයටම තමයි උන්වහන්සේ පාලිවලටත් කියන්නේ. බුද්ධ කියන වචනය ගත්තොත් භවය උද්ධ කරපු නිසා බුද්ධ වෙනවා. භවය උද්ධ කරපු නිසා බුද්ධ වෙනවා කියලා ඔහොම ඒවා නැහැ. ත්‍රිපිටක පාලියේ හෝ අට්‌ට කථාවල හෝ ටීකාවල හෝ ඒවා පාලි භාෂාවටත් අනුගත දේවල් නෙමෙයි. අර න්‍යායම තමයි. මේ විදියට ඉතාමත්ම විකෘති අර්ථකථන දෙමින් බුදු දහම පිළිබඳව ඉතාමත් අමුතු ආකාරයට අර්ථ කියමින් පතුරවන්නට පටන් ගත්තා. කොහොම නමුත් උන්වහන්සේගේ අපවත්වීම වුණත් ඒ බිහි කරපු ඒ වැරදි මතවාදය අපවත් වුණේ නැහැ. එය කරපින්නා ගත්තු පිරිසක්‌ තව දුරටත් පවත්වා ගෙන යනවා. දැන් මේ කාලේ ගත්තොත් මේ යුගය වෙන කොට තවත් භික්‌ෂුවක්‌ ඉන්නවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් සහ නායක හාමුදුරුවරු ඉවත් කරපු කෙනෙක්‌. නායක හාමුදුරුවරු තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් ඉවත් කළා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශයෙනුත් ඉවත් කළා. නමුත් මේ වෙන කොට විදෙස්‌ ගතවෙලා ඉන්නේ. ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය, කැනඩාව වගේ රටවල්වලට ගිහිල්ලා විශාල වශයෙන් මනුෂ්‍යයන්ට ඔහුගේ ප්‍රචාරණය අරගෙන යනවා. ඔහු වලස්‌මුල්ලේ අභය ලෙස භික්‌ෂුවක්‌ වශයෙන් පෙනී සිටිනවා. තව මීවනපලානේ සිටි ධර්මාලංකාර කියන උන්වහන්සේවත් මල්වතු මහා විහාරයෙනුත් ඉවත් කළ බව දැනුම් දුන්නා. සංඝ සභාවලින් සහ අමාත්‍යාංශයෙන් ඉවත් කරලා දාලා තියෙනවා. නමුත් තාමත් සිවුරු දරාගෙන භික්‌ෂූන් වහන්සේ නමක්‌ වශයෙන් පමණක්‌ නොවෙයි මහ තෙරුන් වහන්සේ නමක්‌ වශයෙන් තමයි පෙනී සිටින්නේ. උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ, උන්වහන්සේව අන්තර්ජාලයෙන් හඳුන්වන්නේ මහ තෙරුන් වහන්සේ කියලා. ධර්ම සාකච්ඡා ආදියේදී උන්වහන්සේට පිරිස්‌ ආමන්ත්‍රණය කරන්නේ අරහතුන් වහන්සේ කියලා. ගැටලුවක්‌ අහනවා නම් අරහතුන් වහන්ස එහෙම තමයි අහන්නේ.



sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles