Divaina - විදුහල්පතිනියට එරෙහිව ගුරුවරයෙක් පාසල ඇතුළේම සත්‍යග‍්‍රහයක

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p3 1හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය ගවරවිල දෙමළ මහ විද්‍යාලයේ ඉදිරිපිට එම විදුහලේ ගුරුවරයෙක් එම විදුහලේ විදුහල්පතිනියට එරෙහිව ඊයේ (18 දා) සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේය.

එම විදුහලේ උසස් පෙළ විෂයන් සඳහා දමිළ භාෂාව උගන්වන ලෝගනාදන් විජේසුන්දරන් නමැති ගුරුවරයා ඊයේ (18 දා) උදෑසන 8 සිට පාසල ඇතුළත සත්‍යග‍්‍රහයක් ආරම්භ කරමින් කියා සිටින්නේ තම විදුහලේ වර්තමාන විදුහල්පතිනිය කර ඇති අක‍්‍රමිකතාවක් ගැන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත තමා පැමිණිල්ලක් කළ පසු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාර්ගයෙන් විදුහල්පතිනිය විසින් නව පාසල් වාරය ආරම්භ වීමත් සමගම තමන් වෙනත් පාසලකට ස්ථාන මාරුකර තිබූ බවයි.

අසාධාරණ ලෙස තමන්ව ස්ථාන මාරුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට කරන ලද අභියාචනයක් මත මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තම ස්ථාන මාරුව අතිහිටවූ බවත්, ඒ අනුව තමන් පාසලේ භාරව සිටි පන්ති කාමරයට ඉගැන්වීම් කටයුතු සඳහා යන අවස්ථාවේ විදුහල්පතිවරිය තමන් උගන්වන විෂයන් සඳහා පාසලේ වෙනත් ගුරුවරයකු පත් කර තිබූ බවත් සත්‍යග‍්‍රහයේ යෙදී සිටින ගුරුවරයා කියා සිටියේය.

සිසු සිසුවියන් 750 දෙනකු පමණ අධ්‍යාපනය ලබන ගවරවිල දෙමළ මහ විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය තිස්තුන්දෙනකුගෙන් සමන්විත බවත්, පාසලේ කිසිඳු ඉගැන්වීම් කටයුත්තකට සහභාගි නොවී රජයේ වැටුප් ලබා ගැනීම අසාධාරණ බවත් පවසන ලොගනාදන් විජෙසුන්දරන් මහතා වැඩි දුරටත් කියා සිටින්නේ තමන් මෙතෙක් පාසලේ භාරව සිටි පන්තිය තමන් වෙත යළිත් භාර දෙන තෙක් සත්‍යයග‍්‍රහය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි.

මේ සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පතිනි වී.ආර් පුන්ගොදෙයි මහත්මියගෙන් කළ විමසුමකට ඇය පවසා සිටියේ සත්‍යග‍්‍රහයේ යෙදී සිටින ගුරුවරයා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් පාසල් නිවාඩුවට ප‍්‍රථම හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේම පාලනය වන මස්කෙලිය මොකා දෙමළ මහ විද්‍යාලයට ස්ථාන මාරු කර තිබූ බවයි.

එම ස්ථාන මාරුව අනුව එම ගුරුවරයා භාරව සිටි පන්ති කාමරය සහ අදාළ විෂයන් පාසලේ වෙනත් ගුරුවරයකුට භාර දුන් බවත්, අදාළ ගුරුවරයාගේ ස්ථාන මාරු වීම තාවකාලිකව අවලංගු කර ඇති නිසා ඔහුට පාසලේ කිසිඳු රාජකාරියක් පැවරීමට නොහැකි බවත්ය.

නුවරඑලිය නාලක රත්නායක
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles