Divaina - පාරම්පරිකව වළං කර්මාන්තයේ යෙදෙන පණ්ඩිතරඹෑව ගමේ කුඹල්කරුවෝ අසරණ වෙලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p18 1- මැටි ලබා ගැනීම - පුළුස්සා ගැනීමට  දර නොමැතිවීම හා වළංවලට සාධාරණ මිලක් නොතිබීම ප‍්‍රධාන ගැටලූයි

- ගමේ ප‍්‍රධාන ජීවනෝපාය  වළං කර්මාන්තයයි

- ගන්න ආදායම සේරම  දරවලට ගියාම වැඩක් නෑ

- ඉල්ලීමක් කළොත් වැටිච්ච දර දෙන්න පුළුවන්

- කැකිරාව අඩවි වන නිලධාරී රවීන්ද්‍ර

ලක්දිව කුඹල් කර්මාන්තය සඳහා වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලන තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 545, ඉහළ අඹතලේ ග‍්‍රාමසේවා වසමට අයත් පණ්ඩිතරඹෑව ග‍්‍රාමයේ වැසියන්හට සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කර්මාන්තකරුවෝ පවසති.

වළං සාදා ගැනීමට මැටි ලබා ගැනීම, පුළුස්සා ගැනීමට දර නොමැතිකම හා වළංවලට සාධාරණ මිලක් නොතිබීම ඔවුන් මුහුණපා ඇති ප‍්‍රධාන ගැටලූ කීපයකි.

p18 2මෙම ගම්මානයේ පවුල් 197 ක් පමණ ජීවත් වෙති. ගමේ 80% ක පමණ ප‍්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ වළං කර්මාන්තයයි.

වළං කර්මාන්තයේ නියැලි කේ. කුසුමාවතී පැවසුවේ,

”අපේ කිරිකිත්තගෙ කාලෙටත් එහා ඉඳන් තමයි මේ කර්මාන්තෙ කරගෙන එන්නේ. පරම්පරාවෙන් තමයි මේක කරන්නේ. දැන් මේ ඉන්නේ දහවැනි පරම්පරාව විතර වෙන්න ඇති. ඉස්සර අපි වළං ටිකක් හදාගෙන

ගෝනියක දාගෙන හිසේ තියාගෙන ගම් ගම් ගානේ ගිහිං තමයි වළං විකිණුවෙ...’’

අනිල් කුමාරරත්න පැවසුවේ,

”අපිට දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි වළං පුච්ච ගන්න ප‍්‍රමාණවත් දර සොයා ගන්න තැනක් නැතිකම. රක්ෂිතවලට යන්න දෙන්නේ නැහැ වනජීවී එකෙන් ප‍්‍රශ්න දානවා. කැලයේ වැටිච්ච දර ගෙනාවත් අල්ලනවා. ඒ නිසා සල්ලිවලට තමයි අපි දර ගන්නේ. දර ලෝඞ් එකක් රුපියල් හයදාහක් වෙනවා. වළඳක සියලූ වැඩ ඉවර කරන්න සතියක් විතර යනවා. එහෙම කරලා ගන්න ආදායම ඔක්කොම දරවලට වියදම් වෙනවා. එහෙම වුණාම වළඳක් තලාගෙන එදා වේල හොයා ගන්න අය කොහොමද ජීවත් වෙන්නේ. මෙහෙම

ගියොත් මේ කර්මාන්තේ තව ටික කාලෙකින් සදහටම නැතිවෙලා යයි. ඒ නිසා මෙම ප‍්‍රශ්නෙට කඩිනම් විසඳුමක් බලධාරීන් දෙනව නම් ගොඩක් වටිනවා”

බන්ධුල වීරරත්න මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

”වළං හදන්න ඕනිම දේ තමයි මැටි. ඒත් අපිට මැටි හොයා ගන්න ගියාම ගොඩක් ප‍්‍රශ්න. දැනට අපි බෝධිලියන්ගම වැවෙනුයි, රඹෑව වැවෙනුයි තමයි මැටි ගන්නේ. මැටි කපන්නේ අතින්. මේක හරි කරදරයි. ලොකු මහන්සියක් වෙන්න ඕන. ඒ වගේම කාලයත් ගොඩක් වැයවෙන වැඩක්. ඒ නිසා අපිට පොඩි බැකෝ යන්ත‍්‍රයකින් මැටි කපන්න බලධාරීන් අවසර දෙනව නම් හොඳයි”

නිරංජලා කුමාරී පැවසුවේ,

”අපේ ගමේ ගොඩක් අය ප‍්‍රධාන රැුකියාව විදිහට කරන්නේ වළං කර්මාන්තෙ. දවස්

ගාණක් මහන්සි වෙලා තමයි වළඳක් සම්පූර්ණයෙන් ඉවර කරගන්නේ. තද වැස්සයි, තද අව්වයි දෙකෙන්ම වළං බේරාගෙන බොහොම අමාරුවෙන් තමයි මේක කරන්නේ.

වළං මිල සාමාන්‍ය හොඳ මට්ටමක තියනවා. ඒත් වෙළඳපොළට මේවා අපි අරං ගිහින් විකුණද්දි ඒ ලාබේ අපිට ගන්න බෑ. අපි දැනට පාර අයිනේ තියාගෙනත් මේ වළං විකුණනවා.

බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වළංවලට නියමිත මිලක් නියම කරලා රජය මැදිහත්වීමෙන් අලෙවිය සඳහා පහසුකම් සලසාදෙන ලෙසයි.”

මේ සම්බන්ධයෙන් කැකිරාව අඩවි වන නිලධාරී රවීන්ද්‍ර ලාල් මහතාගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු පැවසුවේ,

”එයාලා ඉල්ලීමක් කරනවා නම් අපිට තියෙන තැනකින් දෙන්න පුළුවන්. දර මීටර් ගාණට රජයේ පොඩි ගාස්තුවක් විතරයි ගෙවන්න ඕනේ. රජයේ කැලයක වුණත් වැටිච්ච දර තියෙනවා නම් අපිට ඉල්ලීමක් කළොත් දෙන්න පුළුවන්.”

තිරප්පනේ - සමන් පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles