Divaina - බණ්ඩාරවෙල පාසල් ළමුන් ප‍්‍රවාහනයට යොදාගත් වාහන හතළිස්පහකින් දහනවයක්ම ධාවනයට නුසුදුසුයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p17 1බදුල්ල මෝටර් රථ පරීක්ෂකවරයා සහ බණ්ඩාරවෙල පොලිසියේ රථවාහන නිලධාරීන් එක්ව බණ්ඩාරවෙල නගරයේ සිදුකළ පාසල් ළමුන් ප‍්‍රවාහනයේ යොදා තිබෙන බස් රථ හා වෑන් රථ සෝදිසි මෙහෙයුමකදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවති බස් රථ හා වෑන් රථ දහනවයක් ධාවනයෙන් ඉවත් කර දින දහයක් තුළදී නැවත නියමිත පරිදි සකස් කර ඉදිරිපත් කිරීමට බදුල්ල මෝටර් රථ පරීක්ෂක ජාලිය බංඩාර මහතා නියෝග කර තිබේ.

බදුල්ල මොටර් රථ පරීක්ෂකවරයාට විශාල අඩුපාඩු සහිත පාසල් බස්රථ හා පාසල් වෑන්රථ ධාවනයේ යොදවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙසේ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී.

පාසල් ළමුන් ප‍්‍රවාහනයට යොදා තිබූ පාසල් බස්රථ හා වෑන්රථ හතළිස්පහක් සෝදිසි මෙහෙයුමේදී සෝදිසියට ලක්කර ඇති අතර එම වාහන හතළිස්පහෙන් දහනවයක්ම ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබී ඇත. මෙසේ ධාවනයෙන් ඉවත් කළ වාහන දින දහයක් තුළ නැවත නියමිත පරිදි සකස් කර පෙන්වීමට නියෝගයක්ද ලබාදී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

මෙම රථවාහනවල විදුලි පහන් නොදැල්වීම, තිරිංග නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම, ටයර් ගෙවී තිබීම, වාමුවා පිස්නය ක‍්‍රියාත්මක නොවීම, පැති වීදුරු නොමැතිවීම සහ ආසන නිසි ලෙස සකස් කර නොතිබීම ආදී කරුණු හේතුවෙන් මෙම රථවාහන ධාවනයෙන් ඉවත් කිරීමටත්, දින දහයක් තුළ නැවත සකස් කර ඉදිරිපත් කිරීමටත් මෝටර් රථ පරීක්ෂකවරයා නියෝග කර ඇත.

කරුණාරත්න පල්ලේගම  - බණ්ඩාරවෙල

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles