Divaina - රුපලාවන්‍ය ආයතනයට රුපියල් 800 ක් දී කාන්තාවක ලෙස සැරසී අනියම් බිරිඳ බලන්න ආ තරුණයා බොරු කොණ්ඩය සුළගේ ගොස් කොටුවෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 
 vigකාන්තාවක් මෙන් සැරසී ත‍්‍රිරෝද රථයකින් පැමිණි තරුණයකු සැකපිට අක්මීමන කුරුදුවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බැව් අක්මීමන පොලිසිය පවසයි.
 
 මොහු විසිහතර වියේ පසුවන වැලිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. රුපලාවන්‍ය මධ්‍යස්ථානයකට ගොස් බොරු කොණ්ඩයක් දමා ගෙන කාන්තාවක් මෙන් සැරසී ත‍්‍රිරෝද රථය පදවාගෙන වැලිගම සිට අක්මීමන ප‍්‍රදේශයට පැමිණ තිබේ. කාන්තාවක් මෙන් හැඩවැඩ කිරීම සඳහා මොහු අදාළ රුපලාවන්‍ය ආයතනයට රුපියල් 800ක මුදලක් ද ලබාදී ඇත.
 
 සැකකාර තරුණයා කුරුදුවත්ත ප‍්‍රදේශයට පැමිණ එම ප‍්‍ර දේශයේ නිවසක නිවැසියන් පිළිබද තොරතුරු විමසා ඇත. ඒ අවස්ථාවේ මොහු පැළද සිටි බොරු කොණ්ඩය සුළගේ ගොස් ඇත. පසුව මොහු ගැන සැක සිතී එහි සිටි අය විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇත.
 
 සැකකරු විවාහකයකු වන අතර මොහු මෙම ප‍්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇය හමුවීම සඳහා කාන්තාවක් ලෙස සැරසී පැමිණ ඇති බවද අනාවරණය වී ඇත.
 
 අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 

 
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles