Divaina - හ`ගුරන්කෙත පෙරහැරට ගෙන ආ අලියෙක් කුලප්පු වී තාප්පයක් කඩා දමයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ele555
 
 මතුරට විශේෂ උදය බී.යටිවැල්ල
 
 මේ දිනවල පැවැත්වෙන හ`ගුරන්කෙත මාළිගා පෙරහැරට රැුගෙන පැමිණි අලියකු කුලප්පුවී හ`ගුරන්කෙත සි`ගිති උයනේ බැම්ම කඩා දමමින් විදුලි වයරටකට කළ හානිය නිසාවෙන් අඩපැයක් පමණ විදුලි සම්බන්ධතාවය ද විසංධිවී තිබේ.
 
 මේ පිළිබඳව ඇතමකු පවසා සිටියේ බීමතින් සිටි ඇත් ගොව්වා අලියාට කරනු ලැබූ හිරිහැරයක් නිසා අලියා කෝපවීමෙන් බැම්ම කඩා දමා පාලනය කරගත නොහැකි අයුරින් හැසුරුණු බවය. ම`ද කිපීමක් නිසා අලියා පාලනය කරගත නොහැකි වූ බව තවත් මතයකි. කෙසේ නමුත් හ`ගුරන්කෙත පොලිසිය මැදිහත්ව අලියා නිර්වින්දනය කරවනු ලැබූවත් නිර්වින්දනය වීමට තරමක කාලයක් ගතව ඇත.
 
 කෙසේ නමුත් පෙරහැර පිටත්වීමට පැය කිහිපයකට පෙර අලියා මේ අයුරින් හැසිරීම නිසාවෙන් පෙරහැර සඳහා අලියා සහභාගි කරවා ගෙන නැත. කිසිවකුටවත් තුවාල සිදුව නැත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles