Divaina - දහතුන් පොළකට ඇන මාමණ්ඩිය මැරූ බෑනා එල්ලූම් ගස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 කොටියාකුඹුර -රම්‍යපාල.
 කෑගල්ල - එම්.බි.පහලවත්ත.
 
 තම බිරිදගේ පියාට (මාමාට* කිරිච්චියකින් දහතුනක් පොලකට ඇන බරපතල තුවාල සිදු කර මරණයට පත් කළේයයි චෝදනා ලැබු බෑනාට නඩු විභාගයක් අවසානයේ කැගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පසුගිය මරණ දඩුවම නියම කරණු ලැබිය.
 
 මෙසේ දඩුවමට යටත් කරණු ලැබුවේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ නිකපිටිය ගම පදිංචි පතිරැුන්නැහැලාගේ නිමල් වීරසිංහ (55*,නැමති දෙදරු පියෙකි
 
 බිරිද අමනාපවි මහගෙදර ගිය අවස්ථාවක දි ඇය ආපසු තම නිවසට කැදවා ගන ඒමට ගිය වරදකරුවු විත්තිකරු එහිදි බිරිදගේ පියා සමග ඇතිවු බහින්බස් විමක් අවසානයේ බිරිදගේ පියාට (මාමාට* කිරිච්චියකින් එකපිට එක දහතුනක් පොලකට ඇන බරපතල තුවාල සිදුකළ බවද තුවාල කරු කැගල්ල මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවද අධිකරණයේ දි දිගහැරුණ ශෝකාන්තයෙන් කියවිනි.
 
 මීට වසර හතකට පෙර එනම් 2012/09/14,දින හෝ ඊට ආසන්න දිනකදී සිදුවු මෙම සිද්දියෙන් පසුව වරදකරුවු විත්තිකරුගේ බිරිද මේ වනතෙක් ආගිය අතක් නැති බවද දරුවන් දෙදෙනා ඥතීන් විසින් හදාවඩා ගෙන යන බවද අනාවරණය වේ . බුලත්කොහුපිටිය පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන කැගල්ල මහේස්ත‍්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් මුලික නඩු විභාගයක් පවත්වා අවසානයේ නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව ගොනුකළ අධි චෝදනා කෑගල්ල මහ අධිකරණයේ නඩු විභාගයට ගෙන තිබුණි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles