Divaina - පුතු හා සැමියා ගස් බැඳ කාන්තාවක් අපයෝජනය කළ දෙදෙනාට වසර 42 සහ 51ක බැගින් සිරදඬුවම්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රු. ලක්‍ෂ දහයක් වන්දි ගෙවීමටත් නියෝග
 
  පුත්තලම - නලීන් හෙන්දුරුගොඩ
 
rimands පුතු හා සැමියා ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතළ ලෙස අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව සිර දඬුවම් නියම කිරීමට පුත්තලම පුර්වගාමී මහාධිකරණ විනිසුරු ඒ. කේ. එම් පටබැඳිගේ මහතා නියෝග කළේය.
 
 මෙසේ සිර දඬුවම් නියම වූයේ පල්ලම පොලිස් වසමේ ආඬිගම පදිංචි පත්තපේනුම ආරච්චිලාගේ දොන් ප‍්‍රදීප් කුමාර සහ හෙට්ටිආරච්චිලාගේ ඇනස්ලි රුක්මන් නමති දෙදෙනකුටය. සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා පුත්තලම මහධිකරණයේදී පැවැති නඩුව පිළිබඳ වූ තීන්දුව ලබාදුන් අවස්ථාවේදීය.
 
 චූදිතයන් 2009 වසරේ අගෝස්තු මාසයේ දිනකදී නාගවිල ආඩිගම ප‍්‍රදේශයේ පොල් ඉඩමකට කඩාවැදී සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ ඉඩමේ, මුරකරු ලෙස සේවය කළ සැමියා හා පුතු ගස් බැඳ මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඉන්පසුව තුවාල සිදු කරමින් රංචු ගැසී බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට චුදිතයන් වරදකරුවන් කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා සිය තින්දුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබිණි.
 
 මෙහිදී චුදිතයන්්ගෙන් පළමු චුදිත වූ පත්තම් පෙරුමආරච්චිගේ දොන් ප‍්‍රදීප් කුමාර නමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක් සිර දඩුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවී යන ලෙසට සිරදඬුවම් නියම කර තිබිණි.
 
 ඒ සමග මෙහි දෙවැනි චූදිත වූ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නමැති චූදිතයාට නඟා තිබූ චෝදනා වෙනුවෙන් වසර 51 ක සිර දඬුවම් නියම කර තිබිණි. මෙහිදී චූදිතයාටද වෙන් වෙන් ලෙස ගෙවී යන ලෙස සිර දඬුවම් නියම කළේය.
 
 මෙයට අමතරව සිද්ධියට මුහුණදුන් කාන්තාවට එක් චූදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. ඒ සමඟම එය නොගෙවන්නේ නම් ඒ සඳහා වසර 5 ක සිරදඬුවමක් බරපතළ වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබිණි.
 
 චූදිතයන් වෙනුවෙන් නීතීඥ චින්තක උඩුදෙනිය මහතාද, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ දේශාන් අලූවිහාරේ යන මහත්වරුන් පෙනී සිටියේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles