Divaina - ගිලෙන්න ගිය ඩිංගි බෝට්ටුවේ බීඩි කිලෝ 120ක්...ධීවරයෙක් අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 bidi
 
 දිනසේන රතුගමගේ
 
දැඩි කුණාටු සහගත තත්ත්වයට හසුවී තලෙයිමන්නාරම මුහුදේ ගිලෙමින් පැවැති ඩිංගි බෝට්ටුවක් බේරා ගැනීමට ගිය නාවික හමුදාවේ පිරිසකට ඩිංගි යාත‍්‍රාවේ තිබී නීති විරෝධී බීඩි කොළ කිලෝ 120ක ප‍්‍රමාණයක් හමු වී තිබේ.
 
 බීඩි කොළ අත්අඩංගුවට ගත් නාවික හමුදාව ගිලෙමින් තිබූ ඩිංගි යාත‍්‍රාවේ සිටි එක් අයකුගේ ජීවිතය ද ගලවා ගෙන තිබේ.
 
 එම තැනැත්තා නාවික හමුදාවට පවසා ඇත්තේ තමන් සමග තවත් අයකු පැමිණි බවයි.
 
 නමුත් ඔහු මේ දක්වා හමු වී නැත. අතුරුදන් වී ඇති එම ධීවරයා සෙවීම පිණිස ද නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කොට ඇත.
 
 උතුරු මැද නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත‍්‍රාවක් මගින් අනතුරට පත්ව මුහුදේ පාවෙමින් තිබු ඩිංගි යාත‍්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම බීඩි කොළ තිබූ අතර එම බීඩි කොළ කිලෝ 120 ක ප‍්‍රමාණය විශාල පාර්සල් දෙකකට සකසා තිබූ බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි.
 
 මෙලෙස සොයාගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත‍්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත නාවික හමුදාව විසින් භාර දී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles