Divaina - මත්පැන් ජාවාරම් කර 16 වතාවක් පොලිසියට කොටු වු සිව්දරු මවක් ගංජා සමග යළිත් කොටුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 
 ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල
 
මත්පැන් ජාවාරම් කිරිම සම්බන්දයෙන් 16 වතාවක් පොලිසියට කොටු වු සිව් දරුමවක් මෙවර සිය රහස් ප‍්‍රදේශයේ ගංජා ග‍්‍රැම් 90ක් සගවාගෙන සිටියදි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
 
 ඇල්ල ඉහල ප‍්‍රදේශයේ දි මෙකි කාන්තාව සිය නිවස තුලදි අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් නිති විරෝධි මත්පැන් සොයා මෙකි කාන්තාවගේ නිවස පරික්ෂාකොට ඇත. එහිදි ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත ඇය පරික්ෂා කිරිමේ දි රහස් ප‍්‍ර දේශය තුල ගංජා ග‍්‍රැම් 90ක් සගවාගෙන සිටියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.
 
 ගංජා ජාවාරම් කිරිම සම්බන්දයෙන්ද මෙකි කාන්තාවට පෙර වැරදි 03ක් තිබෙන බව පොලිසිය පවසයි. මෙකි කාන්තාව හතලිස්අට හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. ඇයගේ එක් දරුවකු මත්කුඩු ළග තබා ගැනිම සම්බන්දයෙන් බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය පවසයි.
 
 සැකකාරිය අද (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති දමිත පෙරේරා මහතාගේ අධික්ෂණය යටතේ පො සැ 7011 ප‍්‍රදිප්, පො සැ 48080 වික‍්‍රමනායක, පො කො 58855 ජයවිර, යන නිලධාරින් කෙ පො.කො 8697 මදුරංගි යන නිලධාරිණිය විසින් සැකකාරිට අත්අඩංගුවට ගනු ලැබිය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles