Divaina - මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල වර්ෂාවෙන් කාසල්රි සහ මාවුස්‌සාකැලේ ජල ධාරිතාව ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  kadu
 
 ඡායාරූප හා සටහන - නුවරඑළිය - නාලක රත්නායක
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්‌සාකැලේ ජලාශවල ජල ධාරිතාව මේ වනවිට 80% දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.
 
 අක්‌කර අඩි හතළිස්‌හයදහසක ධාරිතාවක්‌ ඇති කාසල්රි ජලාශය පිටාර මට්‌ටම අඩි පහක්‌ ද, අක්‌කර අඩි අනූපන්දහස්‌ හාරසියක ජල ධාරිතාවක්‌ ඇති මවුස්‌සාකැලේ ජලාශය පිටාර මට්‌ටමට අඩි 15 ක්‌ද වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ කියා සිටිති.
 
 මීට මාස දෙකකට ප්‍රථම එම ජලාශවල ජල මට්‌ටම 20% දක්‌වා පහළ බැස තිබූ අතර එම ජලාශ ඉදිකිරීමේදී යට වී තිබූ නටබුන් රැසක්‌ සහ දූපත් රැසක්‌ ද මතු වී තිබිණි. තවද එම ජලාශවල ජල මට්‌ටම අඩු වීම නිසා විදුලි උත්පාදනයට ද බාධා පැමිණ තිබිණි.
 
 කාසල්රි සහ මවුස්‌සාකැලේ ජලාශවල ජල මට්‌ටම ඉහළ යැමත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් කැනියොන්, ලක්‌ෂපාන, නව ලක්‌ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවට එම විදුලි බලාගාර භාර විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles