Divaina - මැටි සහ දර නැතිව පණ්‌ඩිත රඹෑවේ වළං නිෂ්පාදකයෝ අපහසුතාවට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 meti
 
 කැකිරාව - සුදත් ඒකනායක
 
පාරම්පරික මැටි වළං කර්මාන්තයේ යෙදී සිටින තිරප්පනේ පණ්‌ඩිත රඹෑව වළං නිෂ්පාදකයන්ට අවශ්‍ය මැටි සහ දර සපයාගත නොහැකිව අර්බුද රැසකට මුහුණපෑමට සිදුව ඇති බව පැවසේ.
 
 වනජීවී දෙපාර්තමේන්තුවෙන් පනවා ඇති නීති හා හේන්වලට කැලෑ කැපීමෙන් දර පෝරණුවලට අවශ්‍ය දර නොමැතිකමින් වළං නිෂ්පාදකයෝ අර්බුද රැසකට මුහුණ පා සිටිති. පණ්‌ඩිත රඹෑව ගම්මානයේ පවුල් දෙසීයක පමණ ජීවනෝපාය වන්නේ මෙම මැටි වළං කර්මාන්තයයි.
 
 චාන්දනී විමලසූරිය (32), සකපෝරුවක්‌ හදා ගන්නත් වළං තියාගන්නත් මඩුවක්‌ අවශ්‍ය වෙනවා. අපිට ණය අරං මඩු හදන්න හයියක්‌ නැහැ. ආධාරයක්‌ තමයි වුවමනා වෙන්නෙ..
 
 එස්‌. රංමැණිකා (54),
 
 ගෑස්‌ වළං හදන්න අච්චු අවශ්‍යයි. මැටි කපන්න තහනම් කරලා වැව්වලින් මැටි කපන්න දෙන්නේ නැහැ. දැන් වළං හදන්න මැටි සපයා ගැනීමත් ප්‍රශ්නයක්‌ වෙලා. ගොවිතැන් පාළුවෙලා වළං අලෙවියත් අඩුවෙලා.
 
 පී. දයානන්ද (57),
 
 වළං හදන අයට ස්‌ථිර පෝරණු නැහැ. මැෂින් දුන්නේ කොටසකට. ආධාරයක්‌ වුණත් දෙනවා නම් හැමෝටම සාධාරණව දෙන්න ඕනේ.
 
 පී. ජයන්ත (38),
 
 බොරළු කපන්න බලපත්‍ර දෙනවා. හැබැයි වළං හදන අපට මැටි කපන්න දෙන්නේ නැහැ. මැටි නැතිව අපි වළං හදන්නේ කොහොමද මේවා නිලධාරීන්ට තේරුම්ගන්න බැරි ඇයි...? ලක්‍ෂ දහයක්‌ විතර වියදම් කරලා මැෂින් ගත්තා. දැන් දර සහ මැටි නැති නිසා මැෂින් ටික යකඩවලට විකුණන්නයි සිද්ධ වෙලා තිබෙන්නේ.
 
 ඒ. චන්ද්‍රවති (42),
 
 ගෑස්‌වළං සහ කිරිහට්‌ටි හදන්න මැෂින් වුවමනායි. ඒ සඳහා අනුග්‍රහයක්‌ ලබා දුන්නොත් ලොකු පිනක්‌. රජයේ උදව් අවශ්‍ය වෙනවා.
 
 නිරෝෂා දමයන්ති (28),
 
 අපේ ගමේ සමහර අයට මැටි පෝරු නැහැ. ස්‌ථිර මඩු නැහැ. ඒ නිසා නිෂ්පාදන ගබඩා කිරීමට පහසුකම් නැහැ. විශාල කර්මාන්තවලට රජය උදව් කරනවා වගේ අපටත් මේ රැකියාව දියුණු කරගන්න උදව් අවශ්‍යයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles