Divaina - අනියම් සම්බන්ධයක් පවත්වන බවට කේළමක් දුරදිග ගිහින් කාන්තාවන් දෙදෙනකුට පහර දුන් පිරිමි දෙදෙනෙක්‌...!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

බණ්ඩාරගම ආර්.ඒ.එස්. ප්‍රේමතිලක
 
goss පවුල් ආරවුලක් සම්බන්ධ කථාබහක් දුරදිග යාමෙන් දෙදරු මවකට සහ 57 හැවිරිදි කාන්තාවකට පොල්ලකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයින් දෙදෙනෙක් 19 දා අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය සමත්විය.
 
 මෙසේ අත්අඩංගුවට පත්වූයේ මතුගම යටදොල කොරටුහේන ප්‍රදේශයේ පදිංචි 35 සහ 40 වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
 
 පහරදීම සිදුකළ පුද්ගලයෙක්ගේ බිරිඳ සමග පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා අනියම් සම්බන්ධයක් පවත්වන බව පහරකෑමට ලක්ව ඇති කාන්තාවක් විසින් පවසා ඇතැයි කියන කේලමක් පිළිබඳ විමසීමට පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා යටදොල කොරටුහේන ප්‍රදේශයේම පදිංචි කාන්තාවගේ නිවසට ගොස් තිබේ.
 
 එහිදී ඇතිවූ කථාබහ දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනා කේලම පැවසුවේ යැයි කියන කාන්තාවට පොල්ලකින් සහ කඩුවක නොපිටෙන් පහරදුන් බවත් ඇය බේරාගැනීමට ඒ අසලට පැමිණි 57 හැවිරිදි මවටද අතින් පයින් පහරදුන් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය කියයි.
 
 පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බැව් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
 පහරීම සිදුකළ සැකකරුවන් දෙදෙනා 20 දා පස්වරුවේ මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
 මතුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක බංඩාර සහ කොස්තාපල් කීර්ති (44702) පරීක්‍ෂණ මෙහෙයවති.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles