Divaina - සීගිරිය නැරඹීමේ දෙස්‌විදෙස්‌ සංචාරක පසුබෑම පහවෙලා.... 70% වර්ධනයක්‌; දිනකට විදේශීය සංචාරකයින් 900කට අධික පිරිසක්‌!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ජයන්තිපුර - උඩගෙදර
 
 ලෝක උරුමයක්‌ වූ සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ සියයට හැත්තෑවක වර්ධනයක්‌ මේ වන විට පවතින බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
 
 ඉකුත් පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරය හේතුවෙන් සීගිරිය නැරඹීමට එන සංචාරකයින්ගේ යම් පසුබෑමක්‌ පැවැතියද මේ වන විට එම තත්ත්වය පහව ගොසිනි. මෙම පිරිසෙන් බටහිර රටවල විදෙස්‌ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධන තත්ත්වයක්‌ දැකගත හැකි බවද ඔහු සඳහන් කළේය. සාමාන්‍යයෙන් දිනකට විදේශීය සංචාරකයින් 900 කට අධික පිරිසක්‌ පැමිණෙන බවත්, දිනකට දේශීය සංචාරකයින් 600 ක්‌ පමණ පැමිණෙන බවත් දැන ගැනීමට තිබේ. දේශීය සංචාරකයින්ගේ පැමිණීම සෙනසුරාදා ඉරිදා නිවාඩු දිනවල වර්ධනයක්‌ දක්‌නට ඇතැයි නිවාඩු දිනකට එම සංඛ්‍යාව 2500 ක්‌ පමණ වන බවද පැවසේ. ඔවුනගෙන් වැඩි පිරිසක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්‌ලිම්, ජනතාව බව අනුර නිශාන්ත මහතා පැවසුවේය.
 
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles