Divaina - සිත් බැඳුනත් දැක රූසිරි ෆේස්‌බුක්‌ සැබෑ වයස දැනගත්දා වුණේ හබක්‌....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

මාවතගම - කාන්තිමාලා උඩගෙදර
 
 facey135විවාහ වී වසර 4 කට පසුව තම බිරිඳ කලින් විවාහ වූ කතක්‌ බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්‌කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක්‌ මාවතගම පොලිසියෙන් ඇසේ.
 
 ඔහු 29 හැවිරිදි තරුණයෙකි. විදේශගත රැකියාවක නියුතුව සිටි රූමත් ලාබාල පෙනුමැති කාන්තාවක සමග ඔහු ප්‍රේමයක්‌ ඇති කර ගත්තේ මුහුණුපොත හරහාය. වසර ගණනාවක ප්‍රේමයෙන් පසුව ඇය මෙරටට පැමිණ මෙම තරුණයා සමග විවාහ වූවාය. සතුටින් කාලය ගෙවී ගියේ ප්‍රේමයේ අතු රිකිලි වැඩෙමිනි. වසර 4 ක විවාහ දිවිය ගෙවීගියේය. අහඹු ලෙස ඔහුට තම බිරිඳ කලින් විවාහව සිටි කාන්තාවක බවත් ඈට දාව 28 හැවිරිදි විවාහක දියණියක්‌ හා 12 හැවිරිදි පුතකු සිටින බවත් දැනගන්නට ලැබිණි. ඈ පිළිබඳව තවදුරටත් කරුණු සොයා ගිය ඔහුට අවසානයේ අනාවරණය වූයේ ඇගේ නියම වයස අවු. 42 ක්‌ බවය. මෙතෙක්‌ තමා මුළා කළ බිරිඳ ගැන කලකිරීමට හා කම්පනයට පත් තරුණයා මේ සිදුවීම පිළිබඳ මාවතගම පොලිසියේ කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කළේ ඇගෙන් දික්‌කසාද වීමට අවශ්‍ය බව පවසමිනි.
 
 මාවතගම පොලිස්‌ ස්‌ථානාධිපති සමන් ආරියදාස මහතාගේa උපදෙස්‌ හා මෙහෙයවීම මත පොලිස්‌ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි නිමාලි ඉන්දික දැල්කඳුර මහත්මිය මේ පිළිබඳ පරීක්‌ෂණ මෙහෙයවනු ලබයි.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles