Divaina - මෝටර් රථය යතුරුපැදි දෙකක ගැටී පොල්ගසක් හා තාප්පයකුත් කැඩිලා... හයකට තුවාල අයකුට බරපතළයි... වායු බැලුනය ක්‍රියාත්මක වීමෙන් ජීවිත බේරිලා!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

acci555
 
 ගලේවෙල විශේෂ
 
 දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (18 දා) වන දින පස්වරු 4.30ට පමණ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී පුද්ගලයන් 07 දෙනෙකුට තුවාල සිදුකරමින් පොල් ගසක හා තාප්පයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
 මෙම රථය දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට පැමිණෙද්දී කනාදන ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මාර්ගයේ වම් පස පිහිටි බස් නැවතුම්පල අසල සිටි දෙදෙනෙකුගේ හා යතුරුපැදියක ගැටී අසල තිබූ පොල් ගසක හා තාප්පයක ගැටී නැවතී ඇත. මෙම අනතුරින් ඔමාරගොල්ල ප්‍රදේශයේ පදිංචි පී. ඩී. ගාමිණී ජයසූරිය (54), එච්. එම්. කුසුමා බාලසූරිය (52), කනාදන පදිංචි ආර්. එම්. සුසන්ත රාජපක්ෂ (43), ඊ. එම්. නායනා කුමාරි (41) යන අය හා මෝටර් රථයේ පැමිණි සංජීව ලලිත් කුමාර, අජිත් නිශාන්ත කුරේ, කාංචන ගිහාන් සල්ගාදු යන අය තුවාල ලබා ඇත. ඔවුහු දඹුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
 
 මෝටර් රථයේ රියැදුරුගේ අපරීක්ෂාකාරී හා අන්තරාකාරී රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෝටර් රථයේ වායු බැලුනය ක්‍රියාත්මක වීම නිසා එහි ගමන්ගත් අයට බරපතළ තුවාල සිදුවී නැතිබව පොලිසිය පවසයි. මේ අතර මෝටර් රථය පොල් ගසේ ගැටීමෙන් එම ගස බිමට පාත්වී තිබිණි. ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප්‍රියන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (50927) විමලසේන, (74174) රණතුංග යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles