Divaina - තිදරු මවක වන බිරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූවේ යැයි බිරිඳගේ අනියම් සැමියා මාළු මන්නයකින් කපා මරලා!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක
 
mannad තිදරු මවක වන බිරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූවේ යැයි කියන තරුණයකුට අදාළ කාන්තාවගේ සැමියා 12 වැනිදා පස්වරුවේ මාළු කපන මන්නයකින් පහරදී ඝාතනය කළ පුවතක් බේරුවල පොලිසියෙන් වාර්තා වෙයි.
 
 මෙසේ පහර කෑමට ලක්ව ඝාතනය වී ඇත්තේ බේරුවල කරදගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ධීවර කර්මිකයෙකි.
 
 මියගොස් ඇති තරුණයා බේරුවල කරදගොඩ ශාන්ත ආනා පාරේ යතුරු පැදියකින් යමින් සිටියදී අනියමි ඇසුර පැවැත්වූයේ යැයි කියන කාන්තාවගේ ස්වාමි පුරුෂයා තියුණු මුවහත් මන්නයකින් වම් අතට පහරදී ඇත. මන්නා පහර එල්ල වීමත් සමගින් යතුරුපැදිය බිම දමා තුවාලකරු අත අල්ලා ගෙන දිවගොස් ඇති බවත් පසුව මීටර් 20ක් පමණ එළවාගෙන ගොස් බෙල්ලට මන්නා පහර දෙකක් එල්ල කර ඇති බවත් ප‍්‍රදේශවාසීහු පැවසූහ.
 
 බරපතළ තුවාල ලබා වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි තුවාලකරු ප‍්‍රදේශවාසීන් විසින් කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එල්ලවූ මන්නා පහරින් වම් අතේ ඇ`ගිලි දෙකක් කැපී පහරදීම සිදුවූ ස්ථානයේම වැටී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය.
 
 රෝහල් ගත කරන විටත් පහරකෑ අය මියගොස් සිටි බැව් රෝහල් ප‍්‍රකාශකයෙක් කීවේය.
 
 සිද්ධිය වූ ස්ථානයේ දී කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීහු ද පරීක්‍ෂණ පැවැත්වූහ.
 
 පහරදීම සිදුකළ කාර්මික ශිලපියකු ලෙසින් කටයුතු කරන බේරුවල කරදගොඩ ප‍්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මන්නය පොලිස් භාරයට ගත් බව බේරුවල පොලිසිය කියයි.
 
 පශ්චාත් මරණ පරීක්‍ෂණය නාගොඩ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී ශී‍්‍රයන්ත අමරසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතය.
 
 කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිනි ආරියරත්නගේ සහ සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජනක විතානගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles