Divaina - ආරක්‍ෂක අංශවල සේවයට යන්න එපා කියා වවුනියාවේ සිවිල් ආරක්‍ෂක සෙබළියට පහර දීලා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

civil1ආරක්‍ෂක අංශවල දෙමළ තරුණියන් සේවය නොකළ යුතු බවට තර්ජනය කරමින් වවුනියාවේ සිවිල් ආරක්‍ෂක බළකායේ තරුණියකට කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා ඇය පෙරේදා (16 දා) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ ප‍්‍රහාරය වැළැක්වීමට ගිය එම සෙබළියගේ සහෝදරයාට ද පැමිණි පිරිස පහරදීම නිසා ඔහු ද රෝහල්ගත කොට තිබේ.

වවුනියාව ඕමන්ත වේලාර්සින්නකුලම ගම්මානයේ පදිංචි මෙම දෙමළ තරුණිය සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළියක වශයෙන් සේවය කරන අතර සේවය නිමවී නිවසට පැමිණ සිටියදී රාති‍්‍රයේ නිවසට පැමිණි තරුණයන් පිරිසක් ඇයට පහරදී තිබේ.

පහර දෙන අතරතුර එම තරුණයන් තමාට දෙමළ තරුණියන් ආරක්‍ෂක අංශවල සේවය නොකළ යුතු බව පැවසූ බවත් තමාට ඉන් අස්වන ලෙස බල කරමින් පහර දුන් බවත් ඇය කියා සිටී.

තමන්ගේ බාල සහෝදරයා මේ ප‍්‍රහාරය වැළැක්වීමට පැමිණි අවස්ථාවේදී තරුණයන් පිරිස ඔහුට ද තුවාල වනතුරුම පහරදී පලාගිය බව රෝහලේ ප‍්‍රතිකාර ලබන තරුණිය පොලිසියට පවසා තිබේ.

ඕමන්ත හා වවුනියාව පොලිසි මේ ප‍්‍රහාරයට සම්බන්ධ තරුණයන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles