Divaina - හිස්‌වැසුමක්‌ නැතිව යතුරුපැදියේ ගිය දරුවා ලොරියක හා බසයක ගැටී මරුට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඡායාරූප හා සටහන - අර්වින් රෝයි - වැල්ලව
 
 aboyded135ආරක්‌ෂිත හිස්‌වැසුම් රහිතව යතුරුපැදියේ පසුපස ගිය ගනේවත්තේ සිසුවකු ලොරියක හා බසයක ගැටී හිස පොඩිවීමෙන් එතැනම මරණයට පත්ව ඇත.
 
 වැල්ලව පොලිස්‌ වසමේ හිරිපිටිය නගරයේදී පෙරේදා (11 දා) සවස මෙලෙස කනගාටුදායක ලෙස මියගියේ ගනේවත්තේ එස්‌. බී. හේරත් ජාතික පාසලේ ආර්. පී. ලහිරු දිල්ශාන් පද්මසිරි නමැති 17 හැවිරිදි සිසුවෙකි. මරණයට පත්වූ මෙම සිසුවා මිතුරකු සමග මෙදින සවස ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීම සඳහා අධිවේගී යතුරුපැදියකින් හිරිපිටියට යමින් සිට ඇත.
 
 මෙම අවස්‌ථාවේදී හිරිපිටිය සිට ගනේවත්ත පැත්තට ආ ලොරියක අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදිය ගැටී අසල නවතා තිබූ ලංගම බසයකද ගැටී තිබේ.
 
 මෙම අවස්‌ථාවේදී පසුපස ආසනයේ සිටි සිසු දරුවාගේ හිස එම වාහනවල ගැටීමෙන් බරපතළ ලෙස හානි වී එතැනම මරණයට පත්ව ඇත.
 
 වාහන හා රියෑදුරන් වැල්ලව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
 
 කුරුණෑගල (ස.පො.අ.) නිශාන්ත හේරත් මහතාගේ උපදෙස්‌ මත වැල්ලව පොලිසියේ ස්‌ථානාධිපති (පො.ප.) බණ්‌ඩාර විඡේසූරිය, රථවාහන අංශයේ ස්‌ථානාධිපති (පො.ප.) රංජිත් ප්‍රේමසිරි (54349) සැරයන් විමලසිරි, (8112) සැරයන් ලියනගේ, (36949) බණ්‌ඩාර, (62975) රංජිත් යන නිලධාරී මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වනු ලබති.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles