Divaina - යතුරුපැදියක්‌ හා ටිපර් රථයක්‌ මුහුණට මුහුණ ගැටී තරුණයා මරුට... යතුරුපැදියේ ඉදිරි රෝදය කැඩී වෙන්වේ....!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

accident477
 
 මත්තල - දිලීප් එන්. ජයසේකර
 
 accident222පදලංගල දෙස සිට සූරියවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක්‌ සූරියවැව ඩී. 10 හන්දිය අසලදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණට ගැටීමෙන් 10දා දහවල් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇතැයි සූරියවැව පොලිsසිය පවසයි.
 
 මෙලෙස ජීවිතක්‌ෂයට පත්ව ඇත්තේ 43/10 සමගිපුර, විහාරගල සූරියවැව ලිපිනයේ පදිංචි පේදුරු ආරච්චිගේ සිරිදු නීල් රණවීර නමැති 24 හැවිරිදි තරුණයෙකි.
 
 පස්‌ ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයක්‌ සූරියවැව දෙස සිට පදලංගල දෙසට නියමිත දිසාවෙන් ධාවනය කර ඇති ඉදිරියෙන් අධික වේගයෙන් පැමිණි අතර යතුරුපැදිය පාලනය කරගත නොහැකිව එකවරම ටිපර් රථයේ ගැටී අනතුරට ලක්‌ව තිබේ. අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය කැඩී වෙන් වී ගොස්‌ තිබුණු අතර පැදිකරුගේ මුහුණට බරපතළ ලෙස හානි සිදුවී තිබිණි.
 
 අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියෑදුරු හා ටිපර් රථය අත්අඩංගුවට ගෙන තිබේ. ටිපර් රථයේ රියෑදුරු ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. යතුරුපැදිකරුගේ අපරික්‌ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වී ඇති බව මූලික පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල්, සූරියවැව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කේ.කේ. රංගජීව යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී. සුනිල් ශාන්ත, පොලිස්‌ සැරයන් ඩබ්ලිව්. එස්‌. අනුර ප්‍රියන්ත යන මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles