Divaina - ඩෝප් පිට පාසල් බසය පැදවූ රියැදුරු ආණමඩුව පොලිස් දැලේ - බසයේ පාසල් සිසුන් 100 ඉදලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

drink1අධික ලෙස බීමත්ව පාසල් බස්රථයක සිසුන් රැගෙන යමින් සිටි රියැදුරකු 11 වැනිදා දහවල් ආණමඩුව නගරයේ දී අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ආණමඩුව සිට කුඹුක්කඩවල දක්වා ගමන් කරමින් තිබූ සිසු සැරිය බස් රථය ආණමඩුව නගරයේදී ආණමඩුව පොලිස්ථානයේ රථවාහන අංශ නිලධාරීන් විසින් හදිසියේම නවතා පරීක්ෂාවකට ලක්කර ඇත.

පොලිස් රථවාහන නිලධාරීන් බස් රථය නවතා සැකකාර තරුණ රියැදුරුට බසයෙන් බැස එන ලෙසට දන්වා ඇති බවත් එහිදී රියැදුරු ගමන් කිරීමට පවා නොහැකි අයුරින් මත්පැන් පානය කර සිටි බවත් පොලිසිය පවසයි.

පොලිසිය බස් රථය නවතන අවස්ථාවේදී පාසල් සිසුන් 100දෙනකුට ආසන්න පිරිසක් සිටි බවත් පොලිසියේ පරීක්ෂාවකට ලක් නොවුණා නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවත් නගරවාසිහු පවසති.

බස් රථය සහ රියැදුරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව එම සිසු සැරියේ ගමන් කිරීමට සිටි පාසල් සිසුන් වෙනත් බස් රථවලින් නිවෙස් වෙත යැවීමට කටයුතු කර ඇත.

ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සුබසිංහ බණ්ඩාර-කරුවලගස්වැව
 


 

 

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles