Divaina - විල්පත්තු වන උයනෙන් කිරිඉබ්බකු ඇල්ලූ කන්ටේනර් රියැදුරුට සහ සහායකට රු. අනූදහසක් දඩ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px



 
 සුබසිංහ බණ්ඩාර-කරුවලගස්වැව
 
 විල්පත්තුව ජාතික වනඋද්‍යානයේදී කිරිඉබ්බකු ඇල්ලීමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනකුට පුත්තලම අතිරේක මහෙස්ත‍්‍රාත් ලහිරු එන් සිල්වා මහතා පෙරේදා(10දා* රුපියල් 90,000ක (අනූදහසක* දඩ මුදලක් නියම කළේය.
 
 මෙසේ දඩ මුදල් නියම වූයේ යාපනය වානිප්පුරි කොළොම්බුරේ පදිංචි වයි.එන්.ජේයකුමාර්(51*සහ දෙහිවල පදිංචි කදිරමලේයි විනෝකරන් (43 * නමැති කන්ටේනර් රථ රියැදුරකුට සහ සහායකවරයකුටය.
 
 විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ යාපනයට කන්ටේනර් රථයකින් ගමන් කරමින් සිටියදි පෙරියවිල්ලූ‍ව තුළ සිටි වඳවීයෑවේ තර්ජනයට ලක්ව ඇති දැඩි ආරක්ෂිත කිරි ඉබ්බකු අල්ලා ලොරි රථයේ ඉදිරිපස කොටසේ ස`ගවා ගෙන යමින් සිටියදී මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් 9වැනිදා සවස අත් අඩංගුවට ගෙන තිබුණි.
 
 මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර
 
 තිබුණි.එම සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව වරද පිළිගැනීම නිසා එක් අයකුට රුපියල් 45000 බැගින් දෙදෙනාට රු.90,000ක දඩයක් නියම කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ ය.
 
 එම දඩමුදලින් මුලින් රුපියල් 10,000ක් ගෙවීමට එක`ගවීම හේතුවෙන් චුදිතයින් දෙදෙනාට ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙකක් නියම කර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔක්තෝම්බර් 22වැනිදා ඉතිරි මුදල් ගෙවීමට නියම කළේ ය.
 
 විල්පත්තුව ජාතික වන උද්‍යානයේ මුල්ලිකුලම පිවිසුම් අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක එච් .ඩි.ජානක ජීවන් හපුආරච්චි මහතා සමග වන සත්ව නියාමක ඩබ්ලියු.ටී.එස්.යු .බොතේජු, කේෂත‍්‍ර සහායක කේ.පි.ආර් .කුමාර යන නිලධාරින් විසින් වැටලිම සිදුකර තිබුණි.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles