Divaina - පාතාල නායක රත්මලානේ අංජුගේ ගෝලයෝ සිව් දෙනෙක් කොටුවෙති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සහ මත්කුඩු ජාවාරම් ඇතුළු තවත් අපරාධ රැසකටම සම්බන්ධ බව කියන ප‍්‍රබල පාතාල සාමාජිකයන් සිව්දෙනකු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල, ජීව අත්බෝම්බ, කිනිසි ඇතුළු තවත් දෑ සමග අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසිය පසුගිය 24 වැනිදා සමත්විය.
 
 මෙම සැකකරුවන් දැනට විදේශ රටක සිටින පාතාල නායක ‘රත්මලානේ අංජු’ ගේ ගෝලයන් බව හෙලිවිණැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
 
 මෙම සැකකරුවන් සුඛෝපභෝගි මෝටර් රථයකින් පලායමින් සිටියදී මහත් පරිශ‍්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.
 
 සැකකරුවන් පැමිණි මෝටර් රථය තවදුරටත් පරීක්ෂා කිරීමේදී වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 200 ක් ද තිබී හමුවූ බව ද හේ කියා සිටියේය.
 
 මෙම සැකකරුවන් අවුරුදු 28 ත් 35 ත් අතර වයසේ පසුවන්නන් බවද පොලිසිය කියයි.
 
 මෙම සැකකරුවන්ගෙන් ප‍්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා මිනිස් ඝාතනයක් සිදුකළ සැණින් විදේශගතව ඇති බවත්, එම රටේ සුපිරි හෝටල්වල නැවතී හිඳ පසුව යළි මෙරටට පැමිණ අපරාධ සිදුකර විදේශගතව ඇති බවත් හෙලිවිණැයි එම නිලධාරියා කීය.
 
 සැකකරුවන් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යව බව පොලිසිය කියයි.
 
 මේ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. ඒ. යූ. ජයශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපලිවරුන් වන නුවන් (89177), විජේසිංහ (34037), චන්ද්‍රකුමාර (58406) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles