Divaina - සිරිපා වඳින්න පැමිණි අය දමා ගිය ඝන අපද්‍රව්‍ය ඉවත් කරන්න ශ‍්‍රමදානයක්...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 siripa
 ඡුායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
 
නල්ලතන්නිය - ශී‍්‍රපාද මාර්ගයෙන් ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් මාර්ගය දෙපසට හා රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝන අප ද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ‍්‍රමදානයක් පෙරේදා (25 දා) පෙරවරු 10.00 ට ආරම්භ කෙරිණි.
 
 ලින්ක් නැචුරල් (සමහන්) ආයතනය, අවසන් වූ ශ‍්‍රීපාද වන්දනා සමය තුළදී 06 වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම ශ‍්‍රමදානයේදී කණ්ඩායම් 06 ක් වශයෙන් නල්ලතන්නිය - ශ‍්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ශ‍්‍රීපාද මළුව දක්වා බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝන අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් නල්ලතන්නිය දක්වා රැගෙන විත් මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ කසළ අංශය වෙත භාර දීම සිදු කළ බව ලින්ක් නැචුරල් ආයතනයේ, ආයතනික හා සමාජ වගකීම් අංශ ප‍්‍රධානී ප‍්‍රියන්ත කොලොන්නගේ මහතා පැවසීය.
 
 නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය, අඹගමුව සේඛ්‍ය වෛද්‍ය කාර්යාලය, අඹගමුව ලොවිජන සේවා කාර්යාලය, නල්ලතන්නිය වෙළෙඳ සංගමය, අඹගමුව හා මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව, ප‍්‍රදේශයේ පාසල් ළමයින්, නල්ලතන්නිය වෙළඳ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු සේවකයෝ හා ප‍්‍රදේශවාසීහු 350කට ආසන්න පිරිසක් මෙම ශ‍්‍රමදානය සඳහා සහභාගී වූහ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles