Divaina - විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ආ යුත්තේ මහින්දට හා මෛතී‍්‍රටයි - පාලිත රංගේ බණ්ඩාර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re10 1ඉකුත් කාල සමයේ මෙන්ම වර්තමානයේද රට තුළ ඇති වූ ව්‍යාකූලත්වයන්ට නිසි  කි‍්‍රයාමාර්ගයන් නොගෙන වගකීමෙන් තොරව කටයුතු කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහත්වරු සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා ‘දිවයිනට’ ඊයේ (20දා) පැවසීය.

රටේ ප‍්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා ජනතාව ගැන තිබෙන වගකීම අමතක කරමින් හැසිරීම නිසා රටේ ජනතාවට මෙම ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වූ බවත් තමන්ගේ වැරදි අනුන් පිට පටවමින් සිටින හිටපු ජනපතිවරයාට සහ වත්මන් ජනපතිවරයාට එරෙහිව මුලින්ම විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා සදහන් කළේය.

ඉකුත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සිදුවන බවට සියලූ තොරතුරු අදාළ අංශ විසින් ජනපතිවරයා දැනුවත් කර සිටියත් ඒ අවස්ථාවේ ජනපතිවරයා රටෙන් පිට වීම කිසිවිටකත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා පැය තුනක කාලයකින්  සිංගප්පූරුවේ සිට නැවත මෙරටට පැමිණීමට හැකියාව තිබුණත් ජනාධිපතිවරයා එසේ නොකළ බවට චෝදනා කළේය.

ඉකුත් පාස්කු ඉරිදා සිද්ධියට පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ගෙදර යැවීමට කටයුතු කළත් ඊට වග කිව යුතුව ඇත්තේ එදා සිට ත‍්‍රස්තවාදය පෝෂණය කළ හිටපු ජනපති ප‍්‍රමුඛ රජයත් එම කරුණු දැන දැනම ත‍්‍රස්තවාදයට එරෙහිව කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගෙන බකන්නිලා සිටි වර්තමාන ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේය.

හිටපු ජනපතිවරයා මෙන්ම වත්මන් ජනපතිවරයාද බලය රැක ගැනීම උදෙසා ජනතාවගේ ජීවිත උගසට තබමින් සොරුන්, මංකොල්ලකරුවන් සහ ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම සිදු කළ බවත් එසේ නොකර සිය කාර්යයන් නිසි ලෙස ඉටු කළේ නම් රට තුළ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවනු ඇතැයිද පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සුජීව තත්සර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles