Divaina - අට හැවිරිදි දැරියට අතවර කළ බව කියන චීනාට ඇප - අනුබල දුන් දැරියගේ මවට ද ඇප

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

attackඅට හැවිරිදි ශිෂ්‍යාවක්‌ වසරකට අධික කාලයක්‌ තුළ බරපතළ ලිංගික අතවරයට ලක්‌ කළ බව කියන චීන අවන්හල් හිමියකු සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ (ශිෂ්‍යාවගේ) මවට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් පසු එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්‌ෂයක මුදල් ඇප සහ රුපියල් 20 ලක්‌ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

ඇප නියම වූ විත්තිකරුවන් වූයේ මීගමුව පාර තොටිල්ලගහවත්තේ පදිංචි කොඩිකාර ආරච්චිගේ රිචඩ් (56) නමැති චීන අවන්හල් හිමියා සහ දැරියගේ මව වන මීගමුව පාර කටුවැල්ලේගම පදිංචි යූ. ඩී. ප්‍රියංගනී නමැත්තියකි.

නඩුවේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි දැරියගේ මව මෙහි ප්‍රධාන විත්තිකරු වන චීන අවන්හල් හිමියාගේ අවන්හලේ සේවය කර ඇත. එහිදී ඇය අවන්හල් හිමියා සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වා ඇත. චීන අවන්හල් හිමියා විවාහකයෙකි. පසුව අවන්හල් හිමියා දැරියගේ නිවසට පැමිණ මවගේ (විත්තිකාරියගේ) අනුදැනුම සහ ආධාරය මත දැරිය ලිංගික අතවරයට ලක්‌ කර තිබේ. රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත ජනකසිරි සම්පාය මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය.

මීගමුව සමූහ - විමල් කීර්ති

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles