Divaina - ඔස්‌ටේ්‍රලියාව සහ මෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට පැමිණි තරුණියට අතවර කරලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gella2ඔස්‌ටේ්‍රලියාව සහ මෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පැමිණ සිටි ඔස්‌ටේ්‍රලියාවේ ස්‌ථිර පදිංචි සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියකට ලිංගික අතවරයක්‌ කිරීමට උත්සහ දැරූ පුද්ගලයකු ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් නිල්ලඹ ප්‍රදේශයේදී මෙම සිද්ධිය වී තිබේ.

මෙරට හා ඔස්‌ටේ්‍රලියාවේ ද්විත්ව පුරවැසි භාවය හිමි මෙම 22 හැවිරිදි තරුණිය නිල්ලඹ ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ සිට ඇත.

මෙරට හෝටල් හා නවාතැන්හි විදේශික සංචාරකයන් හට කොතෙක්‌ සතුටු විය හැකිද යන්න සොයා බැලීම ඇගේ සංචාරයේ අරමුණ වී ඇත. මේ සඳහා ඇය මැයි 8 වැනි දින මෙරටට පැමිණ තිබුණි.

නිල්ලඹ සංචාරක හෝටලය වෙත පැමිණි ඇය එම ප්‍රදේශයේ හා වනපෙත මෙන්ම දිය ඇලි ආදීය නිරීක්‍ෂණය සඳහා හෝටලය හිමි විදේශිකයා සමග ඇවිද යමින් සිටියදී බීමත්ව යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරු සිංහලෙන් හෝටල් හිමිකරුට පවසා ඇත්තේ උඹේ බිරිඳ ටික වේලාවකට මට දියන් යන්නය.

අනතුරුව තරුණිය වෙත පැන ඇති මොහු ඇය ඇඳ සිටි ඇඳුම්ද ගලවා සිප වැළඳ ගෙන අතවර කිරීමට උත්සාහ ගෙන තිබේ.

මෙහිදී විදේශිකයා මොහු සමග පොර බදා ඇති අතර සිද්ධියෙන් ඔහුද තුවාල ලබා තිබේ.

මේ අවස්‌ථාවේ ත්‍රිරෝද රථයක්‌ පැමිණීම නිසා මොහු තරුණිය අතහැර යතුරුපැදියෙන් පලා ගොස්‌ තිබුණි.

සපා කෑම් තුවාල නිසා රෝහල් ගත කළ තරුණියට පිට ගැස්‌ම එන්නත පවා දී ඇති අතර ගම්පොල පොලිසිය පරීක්‍ෂණ පවත්වා සැකකරු රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ ගම්පොල නාරංවිට අටුවාවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු නිල්ලඹ ප්‍රදේශයෙන් විවාහ වී ඇති බවයි.

මොහු මීට පෙර විවාහ වී සිටි අයකු බව හෙළිවී ඇත.

සැකකරු ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරී විකුම් ගිනිගේ, සහකාර පොලිස්‌ අධිකාරි සී. ඩබ්ලිව්. රාජපක්‍ෂ, ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ජයන්ත යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො.ප. කපිල බණ්‌ඩාර, පො.කො. (4507) බණ්‌ඩාර (55713) පුෂ්පකුමාර යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

ගම්පොල - සුරංග දිල්හාන්
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles