Divaina - බෝම්බ පිපිරවීමට සහාය දුන් අයකුගේ රුවකට සමාන අයෙක් පරීක්‍ෂා කිරීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගේ ලේකම්වරයෙක් ඉඩ නොදේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  අජිත් අලහකෝන්
 
 කොච්චිකඬේ බෝම්බය පිපිරවීමට සහාය දුන් බව කියන පුද්ගලයාට සමාන රුව ඇති පුද්ගලයකු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට ඊයේ (14 දා* පැමිණි නමුත් ඔහු පරීක්‍ෂා කිරීම සඳහා කාර්යාලය තුළට පොලිස් නිලධාරීන්ට පැමිණීමට නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඉඩ නොදුන් බවත් සෞඛ්‍ය සේවකයෝ පවසති.
 
 පොලිසිය ඊයේ මාධ්‍ය මගින් ඡුායාරූප කිහිපයක් ප‍්‍රසිද්ධ කළා. ඒ රූපයට සමාන කෙනෙක් ෆයිසාල් කාසිම් ඇමැතිතුමා හමුවෙන්න කියලා කාර්යාලයට ගියා. ඇමැතිතුමා හිටියේ නෑ. සම්බන්ධීකරණ ලේකම්තුමා සමග ඔහු සාකච්ඡුා කරමින් සිටියා. අපි මේ බව පොලිසියට දැනුම් දුන්නා. පොලිස් නිලධාරීන් ආවා. ඒත් සම්බන්ධීකරණ ලේකම්තුමා පොලිසියට කාර්යාලය ඇතුළට එන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා පොලිසිය ආපසු හැරී ගියා. ඉන් මඳ වේලාවකට පසු මේ පුද්ගලයා කාර්යාලයෙන් එළියට ඇවිත් වාහනයක නැගලා පිටවෙලා ගියා.
 
 ඔහු ගිය පසු හමුදාවෙන් ආවා. හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කරමින් සිටියා. මේ විදිහට කොහොමද සැක කටයුතු පුද්ගලයෙක් ගැන පොලිසියට දැනුම් දෙන්නේ. ප‍්‍රතිඵලයක් නැහැනේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෝ ‘‘දිවයින’’ ට පැවසූහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles