Divaina - නීත්‍යනුකූලව විවාහ නොවී දීග කෑ පවුල් 39 ක්‌ විවාහකර දී 39 වැනි උපන් දිනය සැමරූ විවාහ රෙජිස්‌ට්‍රාර්වරයා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

regista


 
 යටියන්තොට - කේ. කේ. ඩී. රූපසිංහ
 
 නීත්‍යනුකූලව විවාහ නොවී දැනට පවුල් ජීවිත ගත කරන පවුල් "39" ක්‌ සොයාගෙන තමන්ගේ මූල්‍යමය දායකත්වයෙන් විවාහකරදී තම "39" වැනි උපන් දිනය සැමරූ විවාහ රෙජිස්‌ට්‍රාර්වරයකු ගැන යටියන්තොටින් වාර්තාවේ.
 
 තුන්කෝරල හා පහත බුලත්ගම විවාහ රෙජිස්‌ට්‍රාර් හා මෙගොඩපත්තුව උප්පැන්න මරණ රෙජිස්‌ට්‍රාර්වරයා වන ටී. වී. සුමේධ රත්නපාල මහතා තම "39" වැනි උපන් දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
 
 කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්‌ඩාර හා දිස්‌ත්‍රික්‌ රෙජිස්‌ට්‍රාර් හසලා සහසිරි යන මහත්ම මහත්මීන් ඉදිරියේ මෙම විවාහයන් උත්සවාකාරයෙන් සිදුකෙරුණ අතර රෙජිස්‌ට්‍රාර් කාර්යාලය තුළ මංගල චාරිත්‍ර, භෝජන සංග්‍රහ ඇතුළු සියලු කටයුත මැනවින් සංවිධානය කර තිබූ අයුරු දැකගත හැකිවිණි.
 
 විවාහ කරවූ පවුල් අතර පවුල් 39 අතරට වතු ආශ්‍රිත ද්‍රවිඩ ජාතිකයන් මෙන්ම සිංහල ජාතිකයන් ද වූහ. වයස "60" ඉක්‌මවූ දරු මුණුබුරන් ඇති අවිවාහක "ජෝඩු" කීපයක්‌ද මේ අතර විය.
 
 මේ අවස්‌ථාවට කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, එච්. ආර්. මිත්‍රපාල, පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද, වත්සලා ජනාදරී, මද්දුම බණ්‌ඩාර රණසිංහ, රොෂාන් අවන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්‌ සහභාගි වී සිටියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles