Divaina - තොරතුරු ලබාදුන්නේ මුස්ලිම් ජනතාවයි; කුරුණෑගල ත‍්‍රස්තයන් 08ක් හා සැකකරුවන් 496 ක් ඇතුළු භාණ්ඩ රැසක් ඇල්ලූවා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
 
 පාස්කු ඉරු දින සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු පොලිසිය හා ආරක්ෂක හමුදා සමඟ ඒකාබද්ධව කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා යම් යම් ප‍්‍රදේශ වල මෙහෙයුම් සිදුකර සැකකටයුතු පුද්ගලයන් 496 දෙනෙකු සහ අයිඑස්අයිඑස් නීතිවිරෝධී සංවිධානයට සෘජුවම සම්බන්ධ වී සිටි ත‍්‍රස්තයන් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 08 වන දින පැවැති ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී කියා සිටියේය.
 
 වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ විසින් කුරුණෑගල දිස්ත‍්‍රික් ආරක්ෂක මණ්ඩල කමිටු රැුස්වීම මෙදින සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් සහ යුද හමුදා ආරක්ෂක නිලධාරීන්, දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව බෞද්ධ, කතෝලික, හින්දු ආගමික නායකයන් සහභාගි වී සිටියහ.
 
 ත‍්‍රස්තවාදී සංවිධානයට සෘජුවම සම්බන්ධ යැයි සැකකටයුතු පුද්ගලයන් 08 දෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාර දුන් බවත් මේ වන විට ඔවුන් සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් පැවසීය.
 
 මේ වන විට තවත් පුද්ගලයකු 108 දෙනෙකු අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් තවත් පුද්ගලයන් 48 දෙනෙකු අධිකරණයෙන් ලබා ගත් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප‍්‍රශ්න කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
 
 කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සෑම පොලිස් වසමකම මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ස්ථිර මාර්ග බාධක 61 ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර තාවකාලික මාර්ග බාධක 290 එක් දිනක් තුළ ක‍්‍රියාත්මක කළ බවත් පැවසීය.
 
 මෙවැනි පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බවත් ප‍්‍රදේශය පූරාම ගම්මාන 366 පරීක්ෂා කර තිබෙන බවද පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ සිදුකළ සෑම පරීක්ෂාවකදීම අත්අඩංගුවට ගත් බොහෝ දෑ අතර කඩු විශාල සංඛ්‍යාවක් තිබූ බවත් ආරක්ෂක හේතූන් මත අත්අඩංගුවට ගත් අනෙකුත් භාණ්ඩ මෙහිදී සඳහන් කළ නොහැකි බව පැවසීය.
 
 සිදුකළ සෑම සෝදිසි මෙහෙයුමකදීම සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදී ඇත්තේ මුස්ලිම් ජනතාව විසින් බවද අවධාරණය කළේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles