Divaina - කිංග්ස්බරි හෝටලයේ බෝම්බයට දිවි දුන් ක‍්‍රිරිෂ්මන් ඊයේ අවසන් ගමන් යයි... මහත්තයට මෙවන් විපතක් වෙයි කියා සිහිනෙන්වත් සිතුවේ නැහැ - මියගිය ක‍්‍රිරිෂ්මන්ගේ බිරිඳ හැඬූ කඳුළින් කියයි
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

kinsbary1දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන
 
 ‘දුවේ දඟ කරන්න එපා’ කියලා දුවගේ හිස අත ගා රැකියාවට ගිය මගේ මහත්තයාට මෙවන් විපතක් සිදු වෙතැයි කියලා මා සිහිනෙන්වත් සිතුවේ නැහැ.’
 
 පාස්කු ඉරිදා (21 වැනිදා) පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පහත මාලයේ භෝජනාගාරය තුළදී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු විසින් පුපුරුවා ගත් බෝම්බයකට හසුවී මරුමුවට පත්වූ එම හෝටලයේ භෝජනාගාර සේවකයකු වන මාකොළ - උතුර ප‍්‍රදේශයේ පදිංචිවී සිටි ක‍්‍රිරිෂ්මන් රෝහණ ජයවර්ධන නමැති 37 හැවිරිදි එක්දරු පියාගේ බිරිඳ වන සංජිවනී ජයවර්ධන මහත්මිය (36) සිය සැමියාගේ හදිසි වියෝව විඳ දරා ගැනීමට නොහැකිව හැඬූ කඳුළින් එසේ පැවැසුවාය. දේහය මාකොළ උතුර ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබිණි.
 
 ඒ මහත්මිය සිය සැමියා ගැන සඳහන් කරමින් මෙසේ ද කීවාය.
 
 සිද්ධිය වූ දින (21 වැනිදා) උදේ 7.00 ට පමණ සැමියා සිරිත් පරිදි වෙනදා වගේ සිය යතුරුපැදියෙන් රැකියාවට පිටත්ව ගියා. එසේ නිවසින් පිටත්වීමට පෙර මහත්තයා දුවට කතා කරලා ‘දුවේ දඟ කරන්නට එපා’ කියලා දුවගේ හිස අත ගා රැකියාවට ගියා.
 
 පසුව මාද රැකියාවට ගියා. උදේ 9.00 ට පමණ ගෙදරින් කෝල් එකක් දී කීවා කොළඹ කොච්චිකඬේ කතෝලික පල්ලියේ බෝම්බයක් පුපුරලා කියලා. ඒ අවස්ථාවේ මා මහත්තයා රැකියාවට යන්නේ කොච්චිකඬේ පල්ලිය හරහා නිසා මහත්තයා ගැන අසන්නට හෝටලයට කෝල් එකක් දුන්නා. නමුත් කවුරුවත්ම කථා කළේ නැහැ.
 
 ටික වේලාවකින් මහත්තයාගේ මල්ලී කෝල් කරලා කීවා කිංග්ස්බරි හෝටලයේ බෝම්බයක් පුපුරලා අයියා තුවාල වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා කියලා. පසුව මහත්තයා මිය ගිහින් කියලා දැනගැනීමට ලැබුණා.
 
 සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා වූ ක‍්‍රිරිෂ්මන් කුරුණෑගල, කිරි බමුණා මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසුව කොළඹට පැමිණ හෝටල් කීපයකම රැකියාව කර ඇත. දැනට වසර පහකට පමණ ඉහතදී කොළඹ කිංග්ස්බරි හෝටලයේ භෝජනාගාර සේවකයකු ලෙස රැකියාවට බැඳුණි.
 
 ක‍්‍රිරිෂ්මන්ගේ ආදරණීය බිරිඳ සංජීවනී ජයවර්ධන මහත්මිය (36) ඔඩෙල් පුද්ගලික ආයතනයේ රැකියාව කරයි. ඔවුනට කී‍්‍රයෝන් නමින් වයස අවුරුදු නවයක දියණියක් සිටින අතර ඇය සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලයේ පහ වසර පන්තියේ අධ්‍යාපනය ලබන්නීය. ක‍්‍රිරිෂ්මන්ගේ පියා ජීවතුවන් අතර නොමැති අතර මව රීටා ජයවර්ධන මහත්මිය (64) -
 
kinsbry2 ක‍්‍රිරිෂ්මන්ගේ වැඩිමහල් සොයුරු රෝයි ජයවර්ධන (47) හා බාල සොයුරු දිනේෂ් ජයවර්ධන (36) වන අතර මේ සොයුරන් තිදෙනාම හෝටල් ක්‍ෂේත‍්‍රයේ රැකියාවන්වල නිරත වී සිටියහ.
 
 මෙසේ කිසිවකු නොසිතූ අවස්ථාවක ක‍්‍රිරිෂ්මන්ගේ අවසන් කටයුතු ඊයේ (24 වැනිදා) පස්වරුවේ මාකොළ, නෙල්ලිගහ කනත්ත පොදු සුසාන භූමියේදී විශාල පිරිසක් මධ්‍යයේ සිදු කෙරුණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles