Divaina - පුපුරැස්‌ස ලෝරාවත්තේදී යකඩ බෝල, වෙඩි බෙහෙත් ඇතුළු තවත් ද්‍රව්‍ය සමඟ මුස්‌ලිම් ජාතිකයා අත්අඩංගුවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පොලොන්නරුව, කඳුරුවෙල මුස්‌ලිම් කොලණියේ පදිංචිකරුවෙක්‌ ගම්පොල පුපුරැස්‌ස ලෝරාවත්ත අක්‌කර 30 නමැති වත්තේ සිටියදී මෙරට නිෂ්පාදිත තුවක්‌කු දෙකක්‌, යකඩ බෝල, වෙඩි බෙහෙත්, ඊයම් හා හිස්‌ පතරොම් 6 ක්‌ සමඟ ගම්පොල පුපුරැස්‌ස පොලිස්‌ මුරපළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වත්තට සැකකටයුතු වාහනයක්‌ පැමිණ ගිය බවට ලද තොරතුරක්‌ මත කරන ලද පරීක්‍ෂාවකදී මෙම පුද්ගලයා හා ආයුධ මෙසේ සොයාගෙන තිබේ.

ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි අක්‌කර 30 ක්‌ වූ මෙම වත්ත හිමිකරු මුස්‌ලිම් ජාතිකයා ඇමෙරිකාවේ පදිංචිකරුවකු බව හෙළි වී ඇති අතර කඳුරුවෙල මුස්‌ලිම් කොලණියේ පදිංචි සැකකරු මෙම වත්තට පැමිණියේ කුමන කරුණකට ද යන්න සොයා බැලීමට පරීක්‍ෂණ අරඹා තිබේ.

41 හැවිරිදි සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන අතර පැමිණි වාහනය පිළිබඳ පරීක්‍ෂණ අරඹා ඇත.

මෙහි තිබූ වෙඩි බෙහෙත් ටියුබ් ආකාරයට සකස්‌ කොට තිබී ඇති අතර පතරොම්වලට අමතරව යකඩ බෝල තිබීම ද පරීක්‍ෂාවට ලක්‌ කරමින් ඇත.

බලපත්‍ර රහිත තුවක්‌කු දෙක සමඟ අනෙකුත් සැකකටයුතු ද්‍රව්‍ය වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගම්පොල මූලස්‌ථාන පොලිසිය වෙත ලබාදී ඇත.

සැකකරු ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ, ස. පො. අ. චන්ද්‍රසේන බණ්‌ඩාර යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත පුපුරැස්‌ස පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති පො. ප. මනෝරංජිත්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (12335) ප්‍රියන්ත, (45229) සුනිල්, (54697) රංජිත් යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

ගම්පොල - සුරංග දිල්හාන්

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles