Divaina - කාන්තාවක්‌ ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස රඟපාලා! - වාට්‌ටුවල රෝගීනුත් පරීක්‌ෂා කරලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

doctor1ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්‌ද භාවිත කර රෝගීන් පරීක්‌ෂා කරමින් සිටියදී ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා 19දා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්‌ත්‍රාත්වරයා ඇල්පිටිය පොලීසියට දැනුම් දුන්නේය. මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො.79 සී, කදුබොඩ, දෙල්ගොඩ ලිපිනයේ පදිංචි ජනනි පබසරා රත්නායක (27) නමැති විවාහක කාන්තාවකි.

මෙම කාන්තාව අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත් එම චෝදනාව යටතේම අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඇල්පිටිය පොලීසිය කියයි. මෙම කාන්තාව පසුගිය 17 වන දින ප.ව 6.00 ට පමණ ඇල්පිටිය මූලික රෝහලේ අංක 02 වාට්‌ටුවේ වෙද නලාවක්‌ද තබමින් රෝගීන් පරීක්‌ෂා කිරීමේ යෙදී සිට ඇත. වෙනදා දැක පුරුදු වෛද්‍යවරියක නොවූ හෙයින් මේ සම්බන්ධයෙන් වාට්‌ටුව භාර වෛද්‍යවරයා විසින් ඇයගෙන් තොරතුරු විමසා ඇත.

එහිදී ඇය විසින් තමා දෙහිවල, කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන බව දැන්වූ බවත් කළුබෝවිල රෝහලේ කුමන අංශයේ සේවය කරන්නේද යන්නෙන් විමසූ විට ඒ සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක්‌ ලබා දීමට නොහැකි වූ බවත් ඇල්පිටිය මූලික රෝහලේ 02 වට්‌ටුව භාර වෛද්‍යවරයා විසින් ඇල්පිටිය පොලීසියට ප්‍රකාශ කර තිබේ. පසුව වෛද්‍යවරිය ලෙස පෙනී සිටි කාන්තාව රෝහල් කාර්යය මණ්‌ඩලය විසින් වැඩිදුර පරීක්‌ෂණ සදහා ඇල්පිටිය පොලීසියට බාර දී ඇත.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දෙල්ගොඩ පදිංචි මෙම කාන්තාව පසුගිය 16 වන දින සිය ඥාතීන් පිරිසක්‌ ඇල්පිටියේ ගණේගොඩ ප්‍රදේශයට පැමිණ තිබෙන බවත් ඒ අතරතුර මෙසේ ඇල්පිටිය මූලික රෝහලට පැමිණ රෝගීන් පරික්‌ෂා කිරීමේ නිරත වි තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. ඇයගේ ආච්චිඅම්මා ඇය වෛද්‍යවරියක්‌ වෙනවා දැකීමට සතුටින් සිටිය බවද ආච්චිඅම්මා සතුටු කිරීම සදහා මෙසේ කළ බවද ඇය විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

තවත් වරෙක ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තමා උපදේශනය පිළිබදව පාඨමාලාවක්‌ හදාරමින් සිටින බවත් රෝගීන් පරීක්‌ෂා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීමක්‌ ලබා ගැනීම සදහා මෙසේ රෝහලට පැමිණ රෝගීන් පරික්‌ෂා කළ බවත්ය. මෙම පරස්‌පර විරෝධී කතා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‌ෂණ පවත්වන බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක්‌ සදහන් කළේය.

ඇල්පිටිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක අර්ත් ප්‍රසන්න, අපරාධ අංශයේ ස්‌ථානාධිපති ජනක සම්පත් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‌ෂක සනත් මෙන්ඩිස්‌ සැකකාරි අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අනුර යසමිත් - බළපිටිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles