Divaina - සැකකටයුතු තුනක්‌ නල්ලූර් කෝවිලේදී අත්අඩංගුවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

n8 387යාපනය පොලිසිය විසින් යාපනය නල්ලූර් කෝවිල් පරිශ්‍රය තුළදී සැකකටයුතු මුස්‌ලිම් තරුණයකු සමග තවත් දෙදෙනෙකු 24 දා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මේ තුන්දෙනාගෙන් එක්‌ අයකු තරුණියක්‌ වන අතර ඇය දෙමළ තරුණියකි.

මුස්‌ලිම් ජාතිකයා සමග සිටි අනෙක්‌ සැකකරු ඇමරිකානු සම්භවයක්‌ ඇති අයෙකු වන අතර ඔවුන්ගේ රහසිගත දුරකතන ඇමතුම් කීපයක්‌ හා ඔවුන්ගේ අමුතු හැසිරීම නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දිනවල නල්ලූර් කෝවිලේ ආරක්‌ෂාව සඳහා වෙනම පොලිස්‌ ඒකකයක්‌ කෝවිල් පරිශ්‍රය තුළ ස්‌ථාපිත කොට ඇති අතර එම නිලධාරීන්ගෙන් ලද රහස්‌ තොරතුරකට අනුව යාපනය පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැමිණ මේ තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.

මේ අය අතරින් ඇමරිකානු සම්භවයක්‌ ඇති තැනැත්තා යාපනයට පැමිණියේ සංචාරයක්‌ සඳහා බව ප්‍රකාශ කළත් ඔහු හා මුස්‌ලිම් තරුණයාත් දෙමළ තරුණියත් අතර ඇති සබඳකම පැහැදිලිව විස්‌තර කිරීමට මේ පිරිස අපොහොසත් වී ඇතැයි යාපනය පොලිසිය කියයි.

යාපනය පොලීසිය මේ තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් තුන්දෙනාද සමඟ යාපනයේ විවිධ පොලිසි මගින් පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට දොළොස්‌දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles