Divaina - මවගේ අනියම් සැමියාගේ පිහි පහරින් පුත්‍රයා මරුට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

තම මවගේ අනියම් සැමියා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණයකු මියගොස්‌ ඇතැයි හොරණ මූලස්‌ථාන පොලිසිය කියයි.

උදැසන සේවය සඳහා යමින් සිටියදී මෙසේ මියගොස්‌ ඇත්තේ හොරණ අරමනගොල්ලේ පදිංචිව සිටි දිල්ශාන් සංජිත් නම් වූ අයෙකි.

මියගිය අයගේ මව 40 හැවිරිදි අයකු වන අතර ඇයගේ අනියම් සැමියා බව කියන 30 හැවිරිදි අයකු හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා මෙම සිරුර හා සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන ලදී.

සැකකරු හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. හොරණ පොලිස්‌ අධිකාරි විජිත රණබාහු කරුණාකළහේ මහතාගේ උපදෙස්‌ මත හොරණ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න වැලිකල මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles