Divaina - පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය: යාපනයට පැන්න නවදෙනකු අල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

hiraපාස්‌කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධියට විවිධ අන්දමින් සහය ලබා දී ආරක්‌ෂාව පතා යාපනයට පලා ආ බවට සැකකරන පුද්ගලයන් නවදෙනකු 23 දා සවස වන විට යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම විශේෂ කාර්ය බළකාය විසින් යාපනයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ උදෑසන යාපනය බස්‌ නැවතුම් පළෙනි.

ඔහුව යාපනය පොලිසියට භාරදී කරගෙන ගිය ප්‍රශ්න කිරීම්වලින් ලැබුණු තොරතුරු මත යාපනයේ විවිධ පළාත්වලින් සැකසහිත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නවදෙනාම බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ යාපනයට පැමිණි පිරිස්‌ වන අතර ඔවුන් යාපනයට පැමිණීමට හේතුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට අසමත් වූ බව යාපනයේ ආරක්‌ෂක අංශ කියා සිටියි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මේ අතර මන්නාරමේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාද අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles